පොලිසැක් මළු තුළ ඉඟුරු වගාකර ඉහළ අස්වැන්නක් ලබා ගනිමුද ?

ඉගුරු වගාව ඉහළ ආදායමක් ලබාගත හැකි වගාවක්ග ඒත් ඒ නිසි වගා පිළිවෙත් අනුගමනය කළහොත් පමණයිග මෙහිදී අපි ඔබට අලුත්ම වගා තාක්ෂණයක් හදුන්වාදීමට කැමැතියිග ඒ පොලිසැක් මළු තුළ ඉගුරු වගා කිරීම ගැනයිග ඔබ මේ ආකාරයෙන් ඉගුරු වගා කළහොත් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව සහතිකය.

මෙහිදී හාල්, සීනි, පිටි වැනි ද්‍රව්‍ය ගබඩා කර ඉවතලන පොලිසැක් මළු (පොලිප්‍රොපිලින් මළු* හොදින් පිරිසිදු කර ඉඟුරු වගාවට යොදාගන්න පුළුවන්. පොලිසැක් මළුවල ඉගුරු වගා කිරීමේදී පාත්තිවල ඉගුරු වගා කිරිමට වඩා ඉහල අස්වැන්නක් ලබා ගත හැකියි. මෙයට ප‍්‍රධානම හේතුව නම් ඉඟුරු වගාවකට ඉතාම ප‍්‍රශස්ථ තත්ත්ව වන, බුරුල් කාබනික ද්‍රව්‍ය බහුල, මනා ජලවහනයක් සහිත වගා මාධ්‍යයක් එමගින් ලබාදිය හැකි විමයි. පොලිසැක් මළුවල ඉගුරු වගා කිරීම නිසා ලෙඩ රෝග පැතිරීම අඩු වන අතර, සීමිත ඉඩක් ඇති නාගරික ප‍්‍රදේශවල පවා ඉගුරු වගාව පහසුවෙන් සිදු කර ගත හැකිය. බෝග කළමණාකරණය ද ඉතා පහසු වේ. ජලය යෙදීම, වල් මර්ධනය, පොහොර යෙදීම කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වේ. අපට අවශ්‍ය පරිදි ආවරණ දැල් යොදා ගනිමින් කෘත‍්‍රිම සෙවණ ලබාදීමටත් හැකි වෙනවා.

පොලිසැක් මළුවල ඉගුරු වගා කිරීමේදී කිලෝ ග‍්‍රෑම් 50 හෝ කිලෝ ග‍්‍රෑම් 25 මළු මේ සදහා වඩා සුදුසු වන අතර මීට අමතරව කිලෝග‍්‍රෑම් 5,10 කුඩා පොලිසැක් මළුවලද වගා කළ හැකි වුවත් පොලිසැක් බෑගය කුඩා වනවිට ඉගුරු අල හෙවත් ෙරෙසෝම හටගැනීමට ප‍්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසා අස්වැන්න අඩු වෙනවා. පොලිසැක් මළු වල ඉගුරු වගා කිරීමේදී යොදා ගන්නා මළු මාස 10 ක් පමණ තබා ගැනීමට අවශ්‍ය වේ. වගාමළුවලත් (ටරදඅඉ්ට* සාමාන්‍ය පොලිතීන් උරවලත් ඉඟුරු වගාකළ හැකිය. පොලිතීන් උරවල ඉගුරු වගා කිරීමේදී යොදාගන්නා අමතර ජලය පහසුවෙන් ගලා යාමට පොලිතීන් උරයේ ප‍්‍රමාණවත් සිදුරු සකස් කිරීම ඉතා වැදගත්. නමුත් ඔබ ඉගුරු වගා කරන්නේ පොලිසැක් මළු වල නම් මේ සදහා අමතර සිදුරු සකස් කිරිමක් අවශ්‍ය නොවේ.

මෙහිදී භාවිතා කරන බදුන් මිශ‍්‍රණය ඉතාම වැදගත් වෙනවා. වැලි, ගොම (හෝ කොම්පෝස්ට්, කොහුබත් සහ මතුපිට පස් සමාන ප‍්‍රමාණ වලින් මිශ‍්‍ර කර බඳුන් මිශ‍්‍රණය සකසා ගන්න. බදුන් මිශ‍්‍රණය පිරවීමට පෙර කිලෝ ග‍්‍රෑම් 50 සහ 25 පොලිසැක් බෑගයේ උස බාගයක් වන සේ බෑගය දෙකට නවා ගන්න. ඉහත බඳුන් මිශ‍්‍රණය නවාගත් පොලිසැක් මළු වල ඉහල දාරයේ සිට අඟල් 4ක් පමණ ඉතිරි වෙන තෙක් පුරවා ගන්න. පුරවා ගත් බඳුනකට ටී.එස්.පී. (ට‍්‍රිපල් සුපර් පොස්පේට් ග‍්‍රෑම් 20 ක් එකතු කර අඟල් 06ක් පසට කලවම් වනසේ කෝටුවක් ආධාරයෙන් හොදින් කලවම් කරන්න.

දිලීර හා වටපණු හානිය අවම කර ගැනිම සදහා සිටුවීමට ගන්නා බීජ අල, සිටුවීමට පෙර බීජ ප‍්‍රතිකාර කර ගැනීම අවශ්‍ය වේ. මේ සදහා මැන්කොසෙබ් දිලීර නාශකයෙන් ග‍්‍රෑ. 38ක් ජලය ලීටර් 10ක දියකර මෙම ද්‍රාවණයේ පැළ කර ගැනිමට ගන්නා මව් අල විනාඩි 30ක් ගිල්වා තැබීමෙන් බීජ ප‍්‍රතිකාර සිදු කර ගත හැක. මෙසේ බිජ ප‍්‍රතිකාර කර ගත් මව් අල පැළ කර ගැනීමට යොදා ගනු ලැබේ.

ඉන් පසු කිලෝ ග‍්‍රෑම් 50 හෝ 25 පොලිසැක් බෑගයක් සඳහා ඉගුරු මව් අල ග‍්‍රෑම් 100 ක් සමාන කොටස් තුනකට බෙදා ගන්න. කුඩා මළු භාවිතා කරන්නේ නම් ඉගුරු මව් අල ග‍්‍රෑම් 50ක් සමාන කොටස් තුනකට බෙදා ගන්න. සිටුවීමට බිජ අල තෝරා ගැනීමේ දී මාස 9 -10 හොදින් මේරු නිරෝගි අල තෝරා ගන්න. ත‍්‍රිකෝණාකාර ලෙස සමාන ස්ථාන තුනකින් (අගල් 3 – 4ක් ගැඹුරට* සෑදු වලවල් තුනක ඒවා පැල කර ගන්න.

මල්ලක් සදහා යොදාගත යුතු බීජ ඉගුරු අල ප‍්‍රමාණය ග‍්‍රෑ.100කි. මෙම බීජ අල විශාල කොටස් වශයෙන් පවතී නම් තරමක කුඩා කැබලි බවට අතින් කඩා ගත යුතු අතර රූපයේ දැක්වෙන ලෙස ත‍්‍රිකෝණාකාර ලෙස සම දුරින් සැකසූ වලවල් තුනක (අගල් 3 – 4ක් ගැඹුරට* ග‍්‍රෑ.30-35ක් එක වලකට දමනු ලැබේ.

පොහොර යෙදිම

  • බදුන් මාධ්‍යය සැකසීමේ දී කාබනික පොහොර ප‍්‍රමාණවත් පරිදි යොදා ගන්නා බැවින් ඉගුරු මළු වල වගා කිරිමේ දි රසායනික පොහොර පහත පරිදි ඉතා සීමිතව යොදා ගනු ලැබේ.
  • සිටුවා මාස 1,1/2න් හා මාස තුනෙන් යූරියා 0.7% මිශ‍්‍රණයක් ශාකයේ පත‍්‍ර තෙමී යන ලෙස දියර පොහොරක් ලෙස ඉසීම.
  • සිටුවා මාස 1,1/2න් හා මාස තුනෙන් එම්. ඕ.පී.(මියුරියෙට් ඔප් පොටෑෂ්* ග‍්‍රෑ.10 බැගින් ජලය ලීටර් 1ක පමණ දිය කර මල්ලකට යෙදීම.

වසුන් යෙදීම – වසුන් යෙදීම ඉගුරු වගාවේ අත්‍යාවශ්‍ය ශෂ්‍ය විද්‍යාත්මක ක‍්‍රියාකාරකමකි. බීජ අල පැල කිරීමෙන් පසු මළු වල ඉහළ අගල් 2 – 3ක පමණ තට්ටුවක් ලෙස වසුන් යෙදිම සිදු කරයි. මේ සදහා පිදුරු ඉතා සුදුසු වන අතර, පිදුරු සොයාගත නොහැකි විට දහයියා, දිරූ යතු කුඩු වැනි දේ යොදාගත හැක.

කොළ පොහොර යෙදීම – කොළ පොහොරක් ලෙස ග්ලිරිසීරියා කොළ අතු අගල් 1 – 1,1/2 උස ස්ථරයක් ලෙස මළු මතට යෙදිම ඉගුරු වර්ධනය සදහා ඉතා උචිත වන අතර, මෙම ග්ලිසීරියා යෙදිම මසකට වරක් බැගින් මාස 05ක් වන තුරු සිදු කිරීම ඉතා උචිත වේ.

ජල සම්පාදනය – මුල් මාස තුන තුළ දිනපතා ජලය සම්පාදනය කළ යුතුය. ඉන් අනතුරුව මාස පහක් යන තුරු දින දෙකකට වරක් ජලය සම්පාදනය කිරීම ප‍්‍රමාණවත් වේ. ඉන් අනතුරුව අවශ්‍යතාවය පරිදි ජලය යෙදීම සිදු කළ යුතුය.

නඩත්තු කටයුතු – මළුවල පැලවෙන වල් අතින් ගලවා දැමීම විටින් විට සිදු කළ යුතු අතර, වසුන දිරාපත් වී ඇත්නම් ඒ සදහා වසුන් එක් කිරීම සිදු කළ යුතුය.

අස්වනු නෙළීම – ඉගුරු ගස් පරිණත වී උපරිම අවස්ථාවට පත් වන විට ක‍්‍රමයෙන් ගස් වියළී යාම දැකිය හැකිය. සාමාන්‍යයෙන් මෙම කාලය මාස 8 – 9ක් පමණ වේ. මළු, පිහියක් ආධාරයෙන් කපා අත් මුල්ලූවක් භාවිතා කිරීමෙන් පහසුවෙන් අස්වනු නෙලා ගත හැකිය. සාමාන්‍යයෙන් කි.ග‍්‍රෑ.50 පොලිසැක් මල්ලක වගා කිරිමෙන් කි.ග‍්‍රෑ 05ක පමණ අස්වැන්නක් නෙලා ගත හැකිය.

ඉගුරු මළුවල වගා කිරීමෙන් අත්වෙන වාසි

  1. අස්වැන්න වැඩියි. ඉගුරු වගාව සදහා අවශ්‍ය ප‍්‍රශස්ථ තත්ත්ව ලැබෙන බැවින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි විම. විශේෂයෙන් මෙහිදී බුරුල් සවිවර ගතියෙන් යුත් කාබනික ද්‍රව්‍ය බහුල බදුන් මාධ්‍ය ඉගුරු ශාකයේ වර්ධනය සදහා ඉතා ප‍්‍රශස්ථ වේ.
  2. නාගරික හෝ අර්ධ නාගරික කුඩා ඉඩකඩක වුවත් සාර්ථක වගාවක් සිදු කර ගත හැකි වීම. (නිවසක සැලබ් එකක් මත වුවත් වගාව සාර්ථකව සිදු කළ හැකි වීම.*
  3. රෝග පැතිරීම අඩුයි.(මළු එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා ගැනීම හා රෝගයට භාජනය වූ මළු ක්ෂේත‍්‍රයෙන් ඉවත් කළ හැකි නිසාත්ය. රෝග පැතිරීම අඩුයි.(මළු එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා ගැනීම හා රෝගයට භාජනය වූ මළු ක්ෂේත‍්‍රයෙන් ඉවත් කළ හැකි නිසාත්ය)

අශෝක ගුණරත්න, පර්යේෂණ මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
මාතලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *