“සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ග්‍රාමීය ගොවි ප්‍රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් අපනයන සැකසුම් ගම්මාන (EPV) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
ඒ අනුව වැනිලා නිෂ්පාදන සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ මුලික පාර්ශවකරුවන්ගේ රැස්වීම ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී අගෝස්තු 06 වන දින පවත්වන ලදි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අදහස් දක්වමින් සදහන් කළේ “වර්තමාන ශ්‍රී ලංකාවේ අපිට කඩිනමින් අපනයනය වැඩි කරගන්න අවශ්‍යයි. අපනයන බෝග විවිධාංගීකරණයක් කරන්න අවශ්‍යයි. තේ,පොල්,රබර් වෙනුවට සාම්ප්‍රදායික නොවන කෝපි,කුරු`දු,වැනිලා,කිතුල්,තල් වැනි විවිධ අපනයන බෝග විවිධාංගීකරණය කරන්න අපි මහන්සි වෙනවා. මේ ස`දහා උපායමාර්ගයක් ලෙස අපි විසිපස් දෙනෙකු පමණ එකට එකතු කරලා සීමාසහිත සමාගමක්, සමාගම් පනත යටතේ ලියාපදිංචි කරල සංවිධානගත කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා සදහන් කලේ මෙම ජාතික වැඩපිළිවෙල තුළින් රජයේ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික සම්පත් ආයෝජනය කරමින් අපනයන නිෂ්පාදන ගම්මාන 1000 ක් ස්ථාපිත කිරීමට ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අපේක්ෂා කරන බවයි. ඉතිරි වසර පහ තුළ අපනයන වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීමටත් ආනයන ආදේශක මගින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය ඉතිරි කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මෙම වැනිලා අපනයන නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතර දිස්ත්‍රික්ක වැනිලා අපනයන නිෂ්පාදන ගම්මාන 20 ක් ස්ථාපිත කිරීමට යෝජිතයි
වැනිලා යනු ලොව දෙවන මිල අධික කුළුබඩු වර්ගය වන අතර එය ආහාර පාන කර්මාන්තයේ ප්‍රසිද්ධ රස කාරකයකි. එය රූපලාවණ්‍ය හා ඖෂධ කර්මාන්ත සඳහා ද භාවිතා කෙරේ. වැනිලා වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ බැක්ටීරියා නාශක ගුණ ජාත්‍යන්තර පර්යේෂණ වලින් තහවුරු වී ඇත.
වැනිලා සඳහා වන ගෝලීය ඉල්ලුමෙන් 20% ක් පමණක් ලෝකයේ ස්වාභාවික වැනිලා නිෂ්පාදකයින් විසින් සපුරාලන අතර ඉතිරි ඉල්ලුම කෘතිම වැනිලා නිෂ්පාදකයින් විසින් සපුරාලයි
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ස්වාභාවික රසකාරක සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත.වැනිලා නිෂ්පාදනය අධික ශ්‍රමයක් වැයවන නිෂ්පාදනයක් නිසා ප්‍රමාණවත් ශ්‍රම බලකායක් ඇති රටවල එය ජනප්‍රියයි. මැඩගස්කරය, ඉන්දුනීසියාව, චීනය, පැපුවා නිව් ගිනියාව ප්‍රධාන වැනිලා නිෂ්පාදන රටවල් වේ.