“ඔහුට ලැබිය යුතු තරම් ඉක්මනින් ඔහුට උදව් ලැබුණේ නැහැ. ඔවුන් එය කරන විට එය ප්‍රමාද වැඩිය” 23 හැවිරිදි කෙල්සි ඈන් විලියම්සන් කතා කරන්නේ ඇගේ මියගිය සහකරු ගැන ය.
ඔවුන් දෙදෙනාම කෘෂිකර්මාන්තයේ රැකියා කළ නමුත් මානසික සෞඛ්‍යය ගැටලු සමඟ පොරබදමින් සිටි ඔහු 2019 දී සිය දිවි නසා ගත්තේය.
“එය අතිශයින්ම දුෂ්කර වුණා. ඔහු ජීවත්ව සිටියදී මම බොහෝ විට එය හැඳින්වූයේ 24/7 ජීවිතාරක්ෂාව කියලයි” කෙල්සි පවසයි.
“එය මගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට හානියක් වන තැනට පැමිණියා. පසුව ඔහු මියගිය පසු එය ඇත්තෙන්ම මට බලපෑවා”

‘‘ගොවිපල සුරක්ෂිතතා පදනම – Farm Safety Foundation විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 40 ට අඩු ගොවීන්ගෙන් 88% ක් වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ලෙස දුර්වල මානසික සෞඛ්‍යය සැලකිය හැකි බවයි.
නමුත් විශේෂයෙන් කෘෂි කර්මාන්තය ගැන කුමක් කිව හැකිද?
“එය හුදකලාවයි. අපි ඇත්තටම ඒ සමඟ පොරබදනවා. [මගේ සහකරු] රිය පැදවූයේ නැහැ. ඔහුට පොදු ප්‍රවාහන පහසුකම් නොතිබුණේ ගම්බද ප්‍රදේශවල ඒවා සීමිත නිසායි” යනුවෙන් කෙල්සි පවසයි.
ගොවිපල සුරක්ෂිතතා පදනමේ කළමනාකරු ස්ටෙෆනි බර්ක්ලි ද එය සමග එකග වෙයි.
“ගොවීන් ග‍්‍රාමීය හුදකලාව පිළිබඳ ගැටළු සමඟ කටයුතු කරනවා. ඔවුන්ට සමාජ සම්බන්ධතා පැවැත්වීම අසීරුයි. ඔවුන් දවස පුරා දීර්ඝ කාලයක් තනිවම වැඩ කරනවා. එය කිසිසේත් නවයේ සිට පහ දක්වා රැකියාවක් නොවේ. ඔවුන් බොහෝ විට ජීවත් වන්නේ හරියටම එකම ස්ථානයක යි”
තරුණ ගොවීන් තුළ ඇතිවන මානසික සෞඛ්‍ය බාධක බිඳ දැමීමට උත්සාහ කිරීම සඳහා ගොවිපල සුරක්ෂිතතා පදනම විසින් දැන් සිව්වන වසර වන Mind Your Head ව්‍යාපාරය ආරම්භ කරන ලදී.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට සහ ස්කොට්ලන්තයේ ජාතික වාර්තා වලට අනුව මහා බ්‍රිතාන්‍යයේ ගොවීන් සහ ඒ ආශ්‍රිත රැකියාවල නියුතු 133 දෙනෙකු (උද්‍යාන හා භූමි කම්කරුවන් වැනි වෘත්තීන් ) 2019 දී සියදිවි නසා ගෙන තිබෙනවා.
“මෙය පහසුවෙන් අමතක කළ නොහැකි තත්ත්වයක්. 476,000 ක් සේවා නියුක්තව සිටින කර්මාන්තයක 133 දෙනකු වසරක් තුළ සියදිවි නසා ගැනීම ගැන අප දැඩි අවධානය මෙු කළ යුතුයි‘ ස්ටෙෆනි පවසනවා.
‘ඔබේ රැකියා ජීවිතය සහ ගෘහ ජීවිතය කිසි විටෙකත් වෙන් නොකෙරේ’
ජේම්ස් හොස්කින්ස් 28 වන වියේ පසුවන අතර ඔහු ජීවත් වන්නේ කෝර්න්වෝල් හි ය. ඔහු කිරි ගොවියෙකු වූ නමුත් පවුලේ වියෝවෙන් පසු ඔහු තම එළදෙනුන් විකුණුවේය. ඔහු පවසන්නේ ගොවියෙකු වීම බොහෝ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිකරන බවයි.
“ඔබ බොහෝ විට ඔබේ රැකියාව සමඟ බොහෝ සෙයින් බැඳී සිටිනවා. ඔබේ පෞද්ගලික ජීවිතයේ හෝ පවුල් ජීවිතයේ කුමක් සිදුවුවද ඔබට ගවයින්ට ආහාර ලබාදීම සහ ඔවුන් රැකබලා ගැනීම කළ යුතු වෙනවා. නත්තල් දිනයේදී රැජිනගේ කතාව අතරතුර බොහෝ පවුල් එකට සිටින විට කිරි ගොවියෙක් තම එළදෙනුන් රැකබලා ගනිමින් ඔහුගේ එළදෙනුන්ට ආහාර ලබා දෙමින් සිටිනවා‘‘
“ඔබ ගොවිපොළේ ජීවත් වීමට නැඹුරු වන නිසා එය එතරම් අපහසු යි. එබැවින් ඔබේ රැකියාව සහ ගෘහ ජීවිතය කිසි විටෙකත් වෙන් කළ නොහැකියි”

ගොවිපල සුරක්ෂිතතා පදනම සොයාගෙන ඇත්තේ තරුණ ගොවීන්ගෙන් 89% ක් ගොවිතැනේ මානසික සෞඛ්‍යය ගැන chat roomsවල කතා කිරීමෙන් සහනයක් ලබා ගන්නා බවයි.
ජේම්ස් පවසන්නේ ඔහු තම මානසික සෞඛ්‍යය ගැන නිර්නාමික chat roomsවල කතා කළේ එම නිසා බවයි.
“ගොවීන් එදිනෙදා ජීවිතය හා මරණය සමඟ කටයුතු කරන නිසා සහජයෙන්ම තරමක් දැඩි ලෙස පෙනෙනවා. ඔබට පශු සම්පත් ලැබෙන තැනදීම ඔබට ‘මළවුන්’ ද ලැබෙනු ඇති”
කෙල්සි පවසන්නේ ඇගේ මියගිය සහකරුට ද එම හැගීම දැනුණු බවයි.
“ඔහු ඉතා පැරණි විලාසිතාවේ සාම්ප්‍රදායික මිනිසෙක්. තමා මුහුණ දෙන හුදකලාව සහ මානසික ගැටලු ගැන පිට මිනිසුන් සමග කතා කිරීම සහ උපකාර පැතීමට තැත් කිරීම නින්දාවක් බව ඔහු විශ්වාස කළා. ඔහුව අවශ්‍ය වුණේ තමා ශක්තිමත් බව කියා පෑමටයි”
‘මම හැමදාම මට හිරිහැර කළා’
එක්සත් රාජධානියේ ගොවීන් මුහුණ දෙන එකම ගැටලුව හුදකලාව නොවේ.- බොහෝ දෙනෙක් මූල්‍යමය වශයෙන් ද අරගල කරති.
2018 දී වේල්සයේ හටගත් කුණාටුවකින් මැට් ලොන්ඩර්ට තම අස්වැන්නෙන් 60% ක් අහිමි වීමෙන් පසු ඔහු දුෂ්කර තත්ත්වයකට ඇද වැටුණේය.
“දේවල් ඉතා හොඳින් සිදුවෙමින් තිබුණා. ඒත් හිම කුණාටුව සමග සියල්ල විනාශ වුණා. එක රැයකින් මට මගේ සියලු වත්කම් අහිමි වුණා‘‘
ඔහු පැවසුවේ “මගේ ව්‍යාපාරය කඩා වැටෙමින් තිබුණේ මා දැඩි කම්පනයකට පත්කරමින්‘‘

කෘෂිකාර්මික පසුබිමක් ඇති පවුලක හැදී වැඩුණු කෙල්සි සහ ජේම්ස් මෙන් නොව 26 හැවිරිදි මැට් පළමු පරම්පරාවේ ගොවියෙකි.
“මට සෑම විටම ගොවියෙකු වීමට අවශ්‍ය වුණා. මට කුඩා කාලයේ සෙල්ලම් ට්‍රැක්ටරයක් පවා තිබුණා”
නමුත් ඔහුගේ සිහින රැකියාව සමඟ ඇති වූ දැඩි අරගල කිහිපයකට ඔහු සම්පූර්ණයෙන්ම සූදානම් නොවීය. සමහර විට ගොවීන් වෙහෙස මහන්සි වී වැඩ කළත් ඔවුන්ට සමාජය එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඔහු පවසයි.
ඔහුගේ පෞරුෂය නිසා මැට්ට හැඟුණේ ඔහු කතා කළහොත් තමා විශ්වාස නොකරන බවයි.
“මගේ පෞරුෂය ඉතා ගැටලු සහගතයි. මම විහිළු කිරීමට බොහෝ කැමතියි. ඒ නිසා මම එළියට ඇවිත් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ‘මට ඇත්තටම නරක කාලයක් තියෙනවා, මම අරගල කරනවා.
ගොවිපල ආරක්ෂණ පදනමේ ස්ටෙෆනි පවසන්නේ තවත් ගොවීන් දැන් කතා කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
“මීට වසර හතරකට පෙර අපි මෙම ව්‍යාපාරය ආරම්භ කරන විට, සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරියට පැමිණීමට කැමති කිසිවෙකු අපට හමු වුණේ නැහැ. එය ඇත්ත වශයෙන්ම මිනිසුන් ඒ ගැන කතා කිරීමට අකමැති වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. නමුත් දැන් අප හමුවට විශාල පිරිසක් පැමිණෙණවා. ඔවුන් හුදකලා වී නොමැති බවත් ඔවුන් වැනිම තවත් විශාල පිරිසක් සිටින බවත් දැන ගැනීම ඔවුන්ට විශාල සහනයක් බව අපට පේනවා‘
බී.බී.සී ඇසුරිණි