බිම්මල් ඉතා පෝෂණීය ආහාරයකි.මේද රහිත ඛණිජ ලවණ වලින් පොහොසත් බිම්මල් ලෙඩ රෝග රැසකටද සුවය ගෙනෙයි . ප්‍රතිශක්තිකරණ හැකියාවෙන් යුතු බිම්මල් පිළිකා, කොළෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, වැනි රෝගවල අවධානම පහත හෙළන පෝෂණ සංඝටක වලින් යුක්තයි.
‘බිම්මල්’ එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කිව්වොත් ‘හතු’ කෑම වේලකට එක් කරන්නෙ වෙනස්ම රසයක්. ලොකු, පොඩි, බාල, මහලු කවුරු වුනත් බිම්මල් ආහාරයට ගන්න අතිශයින් ප්‍රිය කරනවා. මේ විශේෂාංගය දන්න බිම්මල් ගැන ඔබ නොදත් කරුණු පිළිබඳවයි.
ශාක වර්ගීකරණයේ දී බිම්මල් අයිති වෙන්නේ දිලීර හෙවත් මයිසිටේ රාජධානියට. ලිංගික ප්‍රජනනය තුළින් හැදෙන බීජානු සුදුසු පාරිසරික සාධන හමුවේ ප්‍රරෝහණය වෙලා එක් න්‍යෂ්ටියක් ඇති ද්විතික දිලීරයක් හැදෙනවා. මේ තුළින් පියවි ඇසට දැකගත හැකි බිම්මල් නිර්මාණය වෙනවා.
වර්ධනය වුණු බිම්මලක වටරැල්ල, හතු දණ්ඩ, ජත්‍රය , වලය හා තැලි විදිහට කොටස් පහක් හඳුනාගන්න පුළුවන්.නමුත් මේ බිම්මල් අතර ආහාරයට ගැනීමට සුදුසු වගේම,ශරීරයට අහිතකර විෂ බිම්මල් ද දකින්න පුළුවන්. එනිසාවෙන් ආහාරය සඳහා බිම්මල් තෝරා ගනිද්දි විෂ බිම්මල් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්. එළිමහනෙන් නෙළන බිම්මල් වර්ග ආහාරයට ගැනීමේදි මේ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක්.
මෙම විෂ බිම්මල්වල ශරීරයට අහිතකර සිලෝසයිබීන් ,කොප්රින්, මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්, ඉඩොටොනික්, ඇසිඩ්, මසිමෝල් යන විෂ අඩංගු වෙලා තියෙනවා. එනිසාවෙන් මෙම විෂ බිම්මල් ආහාරයට ගත් කෙනෙකුට වමනය, අක්මා ආසාදන, සිහිමද ගතිය, හිසරදය වැනි සංකූලතා ඇතිවීමේ හැකියාව පවති. මෙහිදි සැළකිල්ලට ගතයුතු තවත් කරුණක් වන්නේ නිරන්තරයෙන් පිසූ බිමිමල් ආහාරයට ගැනීමයි. මන්ද පිසූ බිම්මල්වල විෂ ගතිය යම් තරමක් හෝ අඩුවන නිසාවෙන්.

බිම්මල් ඉතා පෝෂණීය ආහාරයකි.මේද රහිත ඛණිජ ලවණ වලින් පොහොසත් බිම්මල් ලෙඩ රෝග රැසකටද සුවය ගෙනෙයි . ප්‍රතිශක්තිකරණ හැකියාවෙන් යුතු බිම්මල් පිළිකා, කොළෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, වැනි රෝගවල අවධානම පහත හෙළන පෝෂණ සංඝටක වලින් යුක්තයි. විශේෂයෙන්ම ආර්තවහරණයට ලක්වූ වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන්ට වැඩි අවධානමක් ගෙනදෙන පියයුරු පිළිකා වලින් මිදීමට බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. එයට හේතුව වෙන්නෙ බොත්තම් බිම්මල් වල ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නංවන ග්ලූටමික් අම්ලය අන්තර්ගත වීමයි.
බිම්මල් කවුරුත් ප්‍රිය කරන ආහාරයක් නිසාවෙන්ම බිම්මල් තුළින් විවිධාකාරයේ කෑම වර්ග නිෂ්පාදනය කරන ආකාරය දැකගැනීමට පුළුවන්. බිම්මල් ව්‍යංජනය, බිම්මල් සලාද,බිම්මල් අච්චාරු මේ අතරින් කිහිපයක්.
අතීතයේ නම් ගෙවත්තේ හෝ අවට පරිසරයේ ස්වභාවිකව වැඩෙන බිම්මල් ආහාරයට ගෙන ඇත. මේවා වර්ෂයේ එක් කාලයකට පමණක් වැඩෙන නිසාවෙන් අතීතයේ බිම්මල් දුර්ලභ ආහාරයක්. ඒත් අද වෙද්දි මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වෙද්දි බිම්මල් ඉතා සුළභව වෙළඳපොළේ දකින්න පුළුවන් වීම මෙයට හේතුවයි. ආහාර වේලකට රස ගුණ වගේම ආර්ථිකමය වශයෙන් වාසියක් අත්කර දීමටත් අද වෙද්දි බිම්මල් සමත්වෙලා තියෙනවා.
විශේෂයෙන්ම ගෘහණියන්ට බිම්මල් වගාව තුළින් තමන්ගේ විවේකය ඵලදායිව ගතකරන්න ලැබෙනවා වගේම, ස්වයං රැකියාවක් විදිහට ආර්ථික වාසි අත්කර ගැනීමට ද පුළුවන්.
මියගිය හෝ දිරා යන ශාක හෝ සත්ත්ව උපස්ථර මත ස්වභාවිකව හටගන්නා බිම්මල් නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ කෘත්‍රිමව නිෂ්පාදනය කිරීම අද වෙද්දි සිදුකරනවා. මෙම ක්‍රමය තුළින් නව බිම්මල් ප්‍රභේද මෙන්ම අතීතයේ සිට පරිභෝජනයට ගන්නා බිම්මල් වුවද නිර්මාණය කළ හැකියි. මේ වන විට එලෙස නිර්මාණය කර ඇති බිම්මල් ප්‍රභේද කිහිපයක් ලෙස,
- ඔයිස්ටර්
- ඇබලෝන්
- ජූස් ඉයර්
- ඇමරිකන් ඔයිස්ටර්
- ඉන්දියානු ඔයිස්ටර්
- ඕක් බිම්මල්
- ඕක් බිම්මල් යනාදිය දැක්විය හැකිය.
වර්තමානය වනවිට බිම්මල් වගාව ගොවියන් අතර ඉතා ප්‍රචලිත වගාවක් බවට පත්ව ඇත. මෙයට බලපා ඇති හේතු සාධක කිහිපයකි. ඒ අතුරින්,
- ඉතා සරල වගා ක්‍රම භාවිතා කිරීම
- අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවීම
- වෙළඳපොළ ගැටලු නොමැති වීම
- වගා අවශේෂ කාබනික පොහොරක් ලෙස යොදාගත හැකිවීම යනාදිය ප්‍රධාන වේ.
ශ්‍රී ලංකාව තුළ පර්යේෂණ මගින් බිම්මල් වර්ග කිහිපයක් වගා කොට තිබුණ ද , ඒවායින් ව්‍යාප්ත වී ඇත්තේ වර්ග කිහිපයක් පමණි. ඇමරිකන් ඔයිස්ටර් සහ ඇබලෝනි ලංකාවේ සෑම ප්‍රදේශයකම සාර්ථකව වගා කරමින් දිවයින පුරා ව්‍යාප්තව ඇත. පිදුරු බිම්මල් සඳහා අවශ්‍ය ඉහළ උෂ්ණත්වය වගා මාධ්‍යය වන පිදුරු ලංකාව තුළ සුලභය. එහෙත් පිදුරු බිම්මල් බීජ වෙළඳපොළ තුළ නොමැති වීමෙන් පිදුරු බිම්මල් වගාව එතරම් ව්‍යාප්ත නොවීය. 2008 වර්ෂයේ දි පිදුරු බිම්මල් බීජ පර්යේෂණ ආයතන පිහිටුවීමෙන් පසුව පිදුරු බිම්මල්ද මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතී. බොත්තම් බිම්මල් වගාව ඉතා සූක්ෂමව කළ යුතු බැවින් එය ව්‍යාප්තව ඇත්තේ 1% තරම්ය.
කෙසේ වෙතත් බිම්මල් වගාව සිදුකිරීමේ දි ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. වගා ගෘහයන් සැකසීමේ සිට අස්වැන්න වෙළඳපොළට නිකුත් කිරීම දක්වාම වන ක්‍රියාවලිය ඉතා වගකීමෙන් මෙන්ම සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීම ගොවීන්ගේ වගකීමකි. එලෙසම බිම්මල් බීජ තෝරාගැනීමේ දි ද විශේෂ සැළකිල්ලක් දක්වමින් නිරෝගි බීජ තෝරාගෙන බීජ වගාකිරීම වැදගත් වේ. එසේ නොවුනහොත් වගාව කොතරම් ආරක්ෂා කළද, එයින් අපේක්ෂිත අස්වැන්නක් ගොවියාට ලබාගත නොහැකිය. එලෙසම වගාවට හානි කරන පළිබෝධකයින් හා රෝග පිළිබඳව ද මනා දැනුමක් හා අවබෝධයක් පැවතිය යුතුය.
මේ වන විට බිම්මල් වගාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන දැනුම , උපකරණ මෙන්ම ප්‍රායෝගික පුහුණුව ද ලබාදීමට ඇතැම් ආයතන කටයුතු කරයි. එනිසාවෙන් ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් බිම්මලි වගාවක් ආරම්භ කිරීමේ හැකියාව පවති. එමගින් ගොවියාට පෝෂ්‍යදායි ආහාර වේලක් සමග ම ආර්ථික ලාභයක් අත්කර ගැනීමේ හැකියාව ද ලැබේ.
මූලාශ්‍රය-බිම්මල් වගාව (නව සංස්කරණය) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය
සටහන- දිසංකා සඳුනිල් – ශ්‍රී පාලි මණ්ඩපය