රසායනික පොහොර: ගොවිජනතාව මත තවත් හෙණයක් පතිත කරයි

ශ්‍රී ලංකාෙව් සෑම සතියකම අලුත උපන් බිළිඳුන් 30කට අධික ප්‍රමාණයකගේ පූර්ණ අන්ධභාවය ඇති කරන ‘රෙටිනොබ්ලාස්ටෝමා අක්ෂි පිළිකාවට ලක්වන බව ‘ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ වෛද්‍යවරියකද ඇතුළුව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකදී සොයා ගෙන ඇත.

සෑම සතියකදීම වයස මාසයට අඩු බිළිඳුන් 30කට වඩා ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන අතර පූර්ණ අන්ධභාවයට හේතුවන මෙයට මූලය “රෙටිනොබ්ලාස්ටෝමා” අක්ෂි පිළිකාවයි. 

අපව පිළිකාවලින් ආරක්ෂා කරන ජානවල ( TP 53 tumour suppressor gene), ගර්භණී සමයේදී සිදුවන විකෘති වීම් මෙයට හේතු අතර බැර ලෝහ (ආසනික්, කැඩ්මියම්, ලෙඩ්) වලට නිරාවරණය වීම මේ සදහා හේතුවන එක් ප්‍රධාන සාධකයක් ලෙස හදුනා ගෙන ඇත.

මෙම සංගණනයේදී අනාවරණය වූ තවත් එක් කරුණක් වන්නේ මෙම බිළිඳුන්ගේ මව්වරුන්ගෙන් 75% කට වැඩි පිරිසක් ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල, කෘෂිකාර්මික පසුබිමක් සහිතව පවුල් වලින් පැමිණීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *