වකුගඩු රෝගියෙක් ‘කොවිඩ් ආසාදිතයෙක් වුණොත්‘ වහාම කළ යුතු දේ

වකුගඩු රෝගියකු ‘කොවිඩ්’ ආසාදිතයකු බවට පත්වූ වහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැදගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පැවසීය.

ආසාදිතයාගේ සායනයෙන් ලැබෙන උපදෙස් අනුව ආසාදිතයා නිවෙස් නිරෝධානයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ තීරණයට එළඹිය හැකි බවත් රුධිරකාන්දුකරණයට හෝ පරිතානකාන්දුකරණ ලක්කළ රෝගීන් ඇතුළු ඕනෑම වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියකු වුවද එන්නත ලබාගත යුතු බවත් මාරසිංහ මහතා කියයි.

වකුගඩු රෝගියා නිවසේ සිටියදී සෙසු සාමාජිකයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම වැනි දේ වන්නේ නම් රෝගියා නිවසේම සිටීමෙන් පළක් නොවන බව කී මාරසිංහ මහතා නිවසේ වකුගඩු රෝගියකු සිටින්නේ නම් සෙසු අය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය ක්ිරීම වඩාත් වැඳගත් බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *