ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරිත දිග ප්‍රදේශයේ මිලියන ගණනකගේ ජීවනෝපාය මාර්ග කෙරෙහි ඍජුව බලපාන කොලරාඩෝ ගඟේ ජල මට්ටම වාර්තාගත ලෙස පහළ බැස ඇතැයි ඇමෙරිකානු රජය නිල වශයෙන් නිවේදනය කළේය.
මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

කොලරාඩෝ ගංගාවේ පෝෂක ප්‍රදේශයට බලපා ඇති මෙම ඓතිහාසික නියඟය දේශගුණික විපර්යාසයන්ට සම්බන්ධ කිරීමට බලධරීන් පියවර ගෙන ඇත.
එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ මිලියන 40ක් පමණ ජනතාව සිය දෛනික හා කෘෂිකාර්මික ජල අවශ්‍යතා සඳහා කොලරාඩෝ ගංගාව මත විශ්වාසය තබති.
1930 දී හූවර් වේල්ල ඉදිකිරීමෙන් පසු ලාස් වේගාස් අසල නිර්මාණය කරන ලද ඇමෙරිකාවේ විශාලතම කෘත්‍රිම ජලාශය වන ‘මීඩ් විල‘ ඇරිසෝනා, නෙවාඩා, කැලිෆෝනියාව සහ මෙක්සිකෝවට ජලය සපයයි.

හිඟය හේතුවෙන් ඇති වූ මෙම ජල සැපයුම කප්පාදුව ඇරිසෝනාහි ගොවීන්ට ප්‍රධාන වශයෙන් බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. ලබන වසරේ සිට නෙවාඩාහි ජල පරිභෝජනය අඩු කිරීමට අපේක්ෂා කරන නමුත් රාජ්‍ය නිලධාරීන් පවසන්නේ ඔවුන් දැනටමත් ජල සැපයුම අඩු කර ඇති බවයි.
මීක් විලේ මට්ටම තවදුරටත් පහත යමින් පැවතුනහොත් ලබන වසරේදී තවදුරටත් කප්පාදු කිරීමට ඉඩ ඇත.
ප්‍රතිසංස්කරණ කාර්යාංශය නියෝජ්‍ය කොමසාරිස් කැමිලේ ටූටන් පසුගිය සඳුදා (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ජල කප්පාදුව පැනවීමේ තීරණය සැහැල්ලුවට නොගත් බවයි. නුදුරු අනාගතයේ දී අතිරේක ක්‍රියාමාර්ග අවශ්‍ය විය හැකි බව ඇය පැවසුවාය.

බටහිර එක්සත් ජනපදයේ බොහෝමයක් ප්‍රාන්ත ඓතිහාසික බහු වාර්ෂික නියඟයකට මුහුණ පා සිටී.
පසුගිය දා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවා ඇත්තේ පෘථිවිය උණුසුම් වන විට නියඟය නිතර ඇතිවන අතර එහි බලපෑම ද දැඩි වන බවයි.
සාමාන්‍යයෙන් වසර 10 කට වරක් සිදු වන නියඟය දැන් 70% වැඩි සංඛ්‍යාතයකින් සිදු වන බව වාර්තාවේ සදහන් වේ.
සෑම නියඟයක්ම දේශගුණික විපර්යාස නිසා සිදු නොවන නමුත් වායුගෝලයේ ඇති අධික තාපය පෘථිවියේ තෙතමනය වැඩි කර නියඟය වඩාත් තීව්‍රර කරයි.
කාර්මික යුගය ආරම්භ වූ දා සිට මේ වන විටත් ලෝකය සෙල්සියස් අංශක 1.2 කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් හරිතාගාර විමෝචනයට දැඩි කප්පාදු නොකළහොත් උෂ්ණත්වය ඉහළ යනු ඇති බව ප්‍රක්ෂේපණය කර ඇත.
බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි