පෝෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘2023 දී මෙනේරි වසර‘ සැමරීම සඳහා සහාය වන ලෙස ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය ටෝමාර් මහතා ජී -20 (G-20) ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙනේරි ඇතුළු අනෙකුත් පෝෂ්‍යදායී ධාන්‍ය වර්ග, පලතුරු සහ එළවළු, මාළු, කිරි සහ කාබනික නිෂ්පාදන ආදී පාරම්පරික ආහාර ද්‍රව්‍ය මිනිසුන්ගේ ආහාර වේලට නැවත හඳුන්වා දීම සඳහා ඉන්දියාව ප්‍රමුඛතාව ලබා දෙයි.
ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර් විසින් ජී -20 කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දෙවන දින සැසිවාරයේ දී මේ බව පැවසීය
පෝෂ්‍යදායි ධාන්‍ය වල වැදගත්කම සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියානු රජයේ යෝජනාව පිළිගෙන 2023 වසර ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස ප්‍රකාශයට පත් කළ බව මාර්ගගත ක්‍රමයට ජී 20 මාත්‍යවරුන් ගේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පෝෂණය සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙනේරි වසර සැමරුමට සහයෝගය ලබා දෙන ලෙස ඔහු ජී 20 ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේය. නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ කෘෂිකර්මාන්තය විශාල ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
“කොවිඩ් වසංගතය අතරතුරදී පවා ඉන්දීය කෘෂිකාර්මික අංශය බලපෑමට ලක් නොවීය” යනුවෙන් ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ටෝමර් පැවසීය. කොවිඩ් කාලය තුළ කෘෂි ආදාන සැපයුම් දාමය සමඟ කෘෂි වෙළෙඳපොළ ගතිකව පවත්වා ගැනීම සඳහා ඉන්දීය රජයේ විවිධ වැඩපිළිවෙළ කෘෂිකර්මාන්තයට උපකාරී වූ බව හෙතෙම සඳහන් කළේය.
2020-2021 කාලය තුළ ධාන්‍ය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමත් සමඟ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බව ඔහු පැවසීය.
ක්ෂුද්‍ර පෝෂක වලින් පොහොසත් ප්‍රධාන ජෛව ආහාර වේලක වැදගත්කම ඇමතිවරයා ජී -20 කෘෂිකර්ම ඇමතිවරුන්ට තවදුරටත් දැනුම් දුන්නේය.
මන්දපෝෂණය ඉවත් කිරීම සඳහා ඔවුන් ධාන්‍ය ආහාර ප්‍රවර්ධනය කෙරේ. එවැනි විවිධ භෝග වර්ග 17ක් සංවර්ධනය කර වගාව සඳහා නිදහස් කර ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දීය රජය ජල සම්පත් ප්‍රශස්ත භාවිතය ඉහළ නැංවීම, වාරිමාර්ග සඳහා යටිතල පහසුකම් සැකසීම, පොහොර සමබර භාවිතය සමඟ පස සාරවත් බව සුරැකීම සහ ගොවිපල වල සිට වෙළඳපොළට සම්බන්ධතාවය ලබා දීම සඳහා පියවර ගෙන තිබේ.
indianewsnetwork