ලෝක වෙළෙදපොළේ රසායනික පොහොර මිල ඉහළට

ස්වාභාවික වායු මිල ඉහළ යාම හේතුවෙන් නයිට්‍රජන් පොහොර මිල මෑත වසරවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමක පවතින අතර ලබන වසර වන විට එය තව දුරටත් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

මෙම මිල අර්බුදයට ප්‍රධාන හේතුව වශයෙන් සැලකෙන්නේ ලෝකයේ ප්‍රධාන පොස්පේට් සැපයුම්කරු වන චීනය 2022 දී පොස්පේට් අපනයනය තහනම් කිරීමට පියවර ගැනීමයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාංශු විද්‍යා විශේෂඥ ඩේව් ෆ්‍රැන්සන් පවසන්නේ, “ලෝකයේ පොස්පේට් වලින් තුනෙන් එකක් පමණ සපයන චීනය 2022 වන විට පොස්පේට් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.  එමඟින් ගෝලීය පොස්පේට් සැපයුමේ බර එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල් වලට දැරීමට සිදුවෙනවා. එය දුෂ්කර තත්ත්වයක්” බවයි.

ෆ්‍රැන්සන්ට අනුව, බරපතල පාරිසරික ගැටලු හේතුවෙන් එක්සත් ජනපදය පොස්පේට් නිෂ්පාදනය වැඩි කිරීමට සූදානමක් නැත. මෙයින් අදහස් කරන්නේ දැනටමත් ඉහළ මට්ටමක පවතින පොස්පේට් මිල අවම වශයෙන් 2022 වන විටත් වැඩි වන බවයි.

මෙම මිල ඉහළ යාම ගෝලීය කෘෂිකර්මාන්තය වෙත ප්‍රබල ඍණාත්මක බලපෑම් සිදුකරනු ඇතැයි ෆ්‍රැන්සන් වැඩි දුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *