සැබෑ වෙනසක් ඇති කරන්න ආහාර නාස්තිය අඩු කරන්න ! – ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉල්ලයි

අප නිෂ්පාදනය කරන ආහාර වලින් 30% කටත් වඩා අහිමිවීමට බලපාන ගැටලුවට විවෘත මනසකින් යුත් විසඳුම් සකස් කරන ලෙස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයා සියළුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී.

චීනයේ ජිනාන් හි පසුගිය 10 වැනිදා පැවති Food Loss and Waste  ජාත්‍යන්තර සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් QU ඩොන්ග්යු (QU Dongyu) මහතා මේ බව පැවසීය.

මහජන චීනයේ කෘෂිකර්මාන්ත සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය, ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම, ජාතික ආහාර හා උපායමාර්ගික සංචිත පරිපාලනය සහ ෂැන්ඩොං පළාත් මහජන රජය විසින් සංවිධානය කරන ලද දින තුනක් පුරා පැවැති මෙම සමුළුව සදහා ලොව පුරා මැති ඇමතිවරුන්, තානාපතිවරුන් සහ විශේෂඥයින් විශාල පිරිසක් සහභාගී වූහ

“ඉහළ මට්ටමේ ආහාර අලාභය හා අපද්‍රව්‍ය වලට පිළියම් නොසොයන්නේ නම් අපට සාගින්න සහ සියලු ආකාරයේ මන්දපෝෂණය අවසන් කළ නොහැක” යනුවෙන් QU ඩොන්ග්යු මහතා වැඩි දුරටත් පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගෙන් සුබ පැතුම් ලිපිය භාර දුන් ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිනි ජි බින්ග්සුවාන් මහතා ද මෙම උත්සවය ඇමතුවේය. 

චීනය, ප්‍රංශය, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙන්ම 2021 එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කලිබාතා ද කථිකයින් අතර වූහ.

අස්වනු නෙලීමෙන් පසු අවසන් පරිභෝජනය සදහා කෑම මේසය දක්වා ගමන් කරන කාලයේදී නිෂ්පාදනය කරන ලද ආහාර වලින් සියයට 14ක් පමණ අහිමි වන බව FAO විසින් ප්‍රකාශයට පත් කරන ලද  2019 ආහාර හා කෘෂිකර්ම රාජ්‍ය වාර්තාවේ (2019 State of Food and Agriculture) දක්වා ඇත.

සිල්ලර අලෙවිය, ආහාර සේවා සහ පාරිභෝගික මට්ටම් වලදී තවත් 17%ක් (තවදුරටත්) නාස්ති වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

“වාර්ෂිකව ලෝකයට අහිමි වන ඩොලර් බිලියන 400ක් පමණ වන මෙම නිෂ්පාදනවලින් වාර්ෂිකව තවත් බිලියන 1.26 කට ආසන්න පිරිසක් පෝෂණය කළ හැකි බව” ඩොන්ග්යු මහතා පැවසීය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හි නවතම ඇස්තමේන්තු වලට අනුව ලෝකයේ මිලියන 811ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන අතර බිලියන ගණනක් දෙනාට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට නොහැකිය.

කෘෂිකර්මාන්තය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 8%ක් පමණ ජනනය කරන අතර සෑම වසරකම ගෝලීය මිරිදිස පරිභෝජනයෙන් 25%ක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් භාවිතා කරයි.

ගැටලුව ඵලදායීව විසඳා ගැනීමට සහ අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ‘‘කැපවීම, සහයෝගීතාව, හවුල්කාරිත්වයන් සහ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගය වැඩි කිරීම‘‘ අවශ්‍ය වන අතර ආහාර අහිමි වීමේ හා අපතේ යැමේ මූලිකාංග පිළිබඳ විද්‍යාත්මක හා සාක්ෂි පදනම් කරගත් අවබෝධයක් අවශ්‍ය වේ.

” දහඩිය බිංදු දහසක් සමඟ එක් සහල් ඇටයක් එයි – “A single grain of rice comes with a thousand drops of sweat” 

ඉහත චීන හිතෝපදේශය උපුටා දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ විවිධ සන්දර්භයන් සඳහා ගැලපෙන විසඳුම් සෙවීමේදී “නව අදහස් සඳහා විවෘතව සිටීමේ “to be open to new ideas” සියලු දෙනාගේ අවශ්‍යතාවය යි.

උදාහරණයක් ලෙස කෘමි හානිවලට ලක් වූ ආහාර අනුභව නොකිරීමටත් පශු සම්පත් පෝෂණය කිරීමට මෙන්ම ගොඩබිම් වල පීඩනය අඩු කිරීමටත් ගත් පුරෝගාමී උත්සාහය අගය කළ යුතුය. 

“ව්‍යාපාර ආකෘති වල නවෝත්පාදනයන්, ආයතනික විධිවිධාන, තාක්‍ෂණයන් සහ කෘතිම බුද්ධිය වැනි ඩිජිටල් විසඳුම් යන සියල්ලම ආහාර පාඩු හා අපද්‍රව්‍ය අඩු කිරීමට දායක විය හැකිය,” අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.

  • කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් නොවීම
  • නියමිත වේලාවට අස්වනු නෙලීමේ මෙහෙයුම් ප්‍රමාණවත් නොවීම
  • ගබඩා සහ ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම
  • ආහාර ආරක්‍ෂිත ප්‍රමිතීන් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම,
  • ගෘහස්ත පිරිවැය පිළිබඳව පාරිභෝගික දැනුවත්භාවය නොමැතිකම
  • ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ලබා දෙන සිල්ලර දිරි දීමනා

වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේ ගෝලීය වැඩපිළිවෙළක් අවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2030 වන විට ආහාර අපද්‍රව්‍ය අඩු කිරීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් මේ වන විටත් නිර්මාණය කර තිබේ. ඒ අනුව ‘ආහාර පාඩු හා අපද්‍රව්‍ය මැනවීම සහ අඩු කිරීම පිළිබද තාක්ෂණික වේදිකාවක් (Technical Platform on Measurement and Reduction of Food Loss and Waste) පිිහිටුවා ඇත. එය 2018 ආහාර හා කෘෂිකර්මික රාජ්‍ය වාර්තාව 2018 The State of Food and Agriculture මගින් ද අනුමත කර ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඉතාලිය විසින් යෝජනා කරන ලද සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන ආහාර සන්ධානයේ ප්‍රමුඛතාවක් බවයි.  

2021 ජුනි මාසයේදී පැවති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අමාත්‍යාංශ රැස්වීම ආහාර පාඩු හා අපද්‍රව්‍ය අඩු කිරීම සදහා වූ ස්වේච්ඡා ආචාරධර්ම සංග්‍රහය (Voluntary Code of Conduct for Food Loss and Waste Reduction) අනුමත කළ අතර එමඟින් වැඩිදියුණු කිරීමට මඟ පෙන්වීම සඳහා ක්‍රියාමාර්ග, මූලධර්ම සහ ප්‍රමිති මාලාවක් නිර්දේශ කරන ලද අතර වඩාත් කාර්‍යක්‍ෂම, ඔරොත්තු දීමේ සහ තිරසාර කෘෂි ආහාර ප්‍රවර්‍ධනය කිරීම නිර්දේශ කෙරේ.

ආහාර නැතිවීම හා නාස්තිය වැළැක්වීම වෙනුවෙන් සිදුවන මැදිහත් වීම සඳහා ගෝලීය සහයෝගීතාව සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. “මෙයට රාජ්‍ය හා පෞද්ගලික අංශ, ශාස්ත්‍රඥයින්, ජාත්‍යන්තර සංවිධාන, මූල්‍ය ආයතන, නිෂ්පාදකයින්, පාරිභෝගිකයින් සහ සිවිල් සමාජය ද ඇතුළත් ය,” ඔහු අවධාරණය කළේය.

fao.org ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *