අසීමිත කෘෂි රසායන භාවිතය සහ ගොවිපළ සේවකයින් ඒවාට නිරාවරණය වීම ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද සුලභ තත්ත්වයක්. සුපිරි වෙළෙදසැල්වලට පැමිණෙන පලතුරු ඇතුළු කෘෂිකාර්මික භෝග බහුතරයක් පිටුපස ‘ඛේදවාචයක්’ බදු කතාවක් තියෙනවා.
මේ ලංකාව ගැන නොවෙයි…ඒත් අපිටත් එකසේ අදාළ බ‍්‍රසීලයේ කෘෂිකර්මික කම්කරුවන් ගැන..
පලතුරු ගොවිපලක වැඩ කිරීමෙන් දශකයකට පසු ලූකස් ඩා සිල්වා පවසන්නේ ‘මට තව දුරටත් මේ රැුකියාව කරන්න බැහැ’ යනුවෙනුයි. 25 හැවිරිදි ඔහු මෙසේ පවසනවා. ‘මම වැඩ කරන්නේ වහලෙක් වගේ’
ඩා සිල්වා වසර 10ක් තිස්සේ තම රැකියාව ලෙස ඊසානදිග බ්‍රසීලයේ කොමඩු පැල සඳහා පළිබෝධනාශක ඉසීම කළේය.
ඔහු පවසන්නේ තමාට කිසි විටෙකත් ප්‍රමාණවත් ආරක්‍ෂිත ඇඳුම් ලබා නොදුන් බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වූ බවත්ය.
‘දවස අවසන් වන විට මට නිතරම හිසරදයක් ඇති වුණා. කෑම වේලකට පෙර මගේ අත් සෝදා ගැනීමට පවා මට නොහැකි වුණා. අපිට වතුර හෝ සබන් තිබුණේ නැහැ’ ඔහු පවසනවා.

අඹ, කොමඩු, මිදි සහ දොඩම් වැනි පලතුරු වගා කිරීමට හා අස්වැන්න නෙළීමට උදව් කරන බ්‍රසීලියානු ගොවි කම්කරුවන් විශාල සංඛ්‍යාවක් අතර මෙවැනි කථා බහුලව අසන්නට ලැබේ. ඔවුන් මෙවැනි කතා කියන අතර ඔවුන්ගේ අසීමිතව සූරාගත් ශ‍්‍රමයෙන් නිපදවන කෘෂිකාර්මික නිෂ්පාදන බොහෝ විට අවසන් වන්නේ යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා සුපිරි වෙළඳසැල්වල රාක්කවල ය.
ලෝකයේ තුන්වන විශාලතම පලතුරු නිෂ්පාදකයා බ්‍රසීලය වන අතර චීනය හා ඉන්දියාව පමණක් පසුපසින් සිටින අතර එක්සත් ජනපදයට වඩා ඉදිරියෙන් සිටී. දොඩම් සඳහා එය පළමු ස්ථානයේ සිටින අතර ලොව පුරා පරිභෝජනය කරන සෑම දොඩම් හතරෙන් එකක් පමණ බ්‍රසීලයෙන් පැමිණේ.
ග්‍රාමීය කම්කරුවන්ගේ වෘත්තීය සමිතියට අනුව බ්‍රසීල ජාතිකයින් මිලියන 4.8ක් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස සේවය කරනු ලැබේ. එමෙන්ම බ්‍රසීලයේ පලතුරු නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වේ.
මෙම අංශය මඟින් වසරකට විකුණුම් බිලියන 40ක් උපයන බව බ්‍රසීලයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි. එය සැබෑවක් වුවත් ගැටලුව වන්නේ, බ්‍රසීලයේ ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ වාර්තාවකට අනුව එම මුදල් ප්‍රමාණවත් තරම් කම්කරුවන් වෙත නොපැමිණීමයි. නැතහොත් කෘෂිකාර්මික කම්කරුවන්ට ප‍්‍රමාණවත් වැටුපක් නොගෙවීමයි.
ඊසානදිග බ්‍රසීලයේ නිවර්තන පලතුරු ගොවිපලවල් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ පලතුරු වගා ආශ‍්‍රිත සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 20ක් දිළිදු පුද්ගලයින් බවයි. මුලින් සදහන් කළ ලූකස් ඩා සිල්වා අත්විඳින ලද දුර්වල සේවා කොන්දේසි පිළිබඳ සවිස්තරාත්මක සාක්ෂි ද එහි ඇතුළත් ය.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල බ්‍රසීල අඹ වාරයේදී එක්සත් රාජධානියේ විකිණීමට ඇති අඹවලින් අඩක් බ්‍රසීලයෙන් පැමිණේ. සැපයුම් දාමයේ ආරම්භයේ අති බහුතරය කාන්තාවන් වේ.

25 හැවිරිදි කාමන් ප්‍රිස්කිලා සූසා ඉන් එක් අයෙකි. රියෝ ග්‍රෑන්ඩ් ඩූ නොර්ටේ ප්‍රාන්තයේ සිට, ඇය නව යොවුන් වියේ සිටම එම කාර්යය කරමින් සිටී. අවම වැටුපක් තිබුණද, ඇයට රැකියාවක් සොයා ගත හැක්කේ අවුරුද්දේ මාස පහ තුළ පමණි. එබැවින් ඇය මුළු වසර පුරාම ඩොලර් 1175ක් පමණක් උපසයි.
‘ඕනෑම කම්කරුවෙකු ගෙවන වැටුප ඉතා අල්පයි. නමුත් කිසිවක් සඳහා නොමැතිව සිටීම වඩා මෙම රැුකියාව හොඳයි’ ඇය පවසයි.
ඔක්ස්ෆෑම් සඳහා වාර්තාව සම-රචනා කළ සාඕ පවුලෝ හි පර්යේෂකයෙකු වන ගුස්ටාවෝ ෆෙරෝනි පවසන්නේ කුඩා නිෂ්පාදකයින්ගේ වියදමින් බ්‍රසීල කෘෂිකාර්මික අංශය යෝධ සමාගම් විසින් ආධිපත්‍යය දැරීම ගැටළුව උග්‍ර කර ඇති බවයි.
වැටුප් හා සේවා කොන්දේසි වැඩිදියුණු කිරීමට සටන් කිරීමට එරෙහිව ඇති අමතර බාධකයක් වන්නේ රැකියා අහිමිවීමට මිනිසුන් බිය වීමයි.

‘ඕනෑම රැකියාවක් කිරීම කිසිදු රැකියාවක් නොකර සිටීමට වඩා හොඳය යන තර්කය කම්කරුවන්ට ඕනෑම සේවා කොන්දේසියක් පිළිගැනීමේ බරක් පැටවීම සහ ආර්ථික අංශ ඔවුන්ගේ වගකීම්වලින් නිදහස් කිරීමට හේතු වෙනවා’යනුවෙන් ඔහු පවසයි.
‘එය සාධාරණ නැත. පලතුරු දාමය ධනය ජනනය කරන අතර එය වඩා හොඳින් බෙදා හැරිය යුතුයි’ ඔහු තීරණාත්මක ලෙස පවසනවා.
ඔක්ස්ෆෑම් බ්‍රසීල රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ අවම වැටුප වැඩි කරන ලෙසත්, කම්කරුවන්ට හිරිහැර නොකිරීමට වගබලා ගැනීම සඳහා ගොවිපල පරීක්ෂා කිරීම ශක්තිමත් කරන ලෙසයි.
සේවකයින්ට වඩාත් පහසුවෙන් වෘත්තීය සමිතිවලට සම්බන්ධ වීමට ඉඩ දෙන ලෙසත්, කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳ මෑත කාලීන අනුමත කිරීම් සමාලෝචනය කරන ලෙසත් ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.
ආර්ථික විද්‍යාඥ පැට්‍රීෂියා පෙලැටේරි පවසන්නේ වර්තමාන බ්‍රසීලියානු අවම වැටුප ප්‍රමාණවත් නොවන බවයි. වැටපු මාස 05ක් පමණක් නොව වර්ෂය පුරාම ලැබිය යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මෙම ලිපිය සඳහා අදහස් දැක්වීමක් සඳහා බ්‍රසීල රජය වෙත යොමු වූ නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර කම්කරු අමාත්‍යාංශය පිළිතුරු දුන්නේ ද නැහැ.
බී.බී.සී. වාර්තාවක් අසුරිණි සකස් කරන ලද ලිපියකි.