ඉහළ ඡායාරූපය – ඔක්ස්ෆර්ඩ්ෂයර් හි වීදියක සුදු LED වීදි ලාම්පු
මෑත දශක කිහිපය තුළ කෘමි ගහණය විශාල වශයෙන් අඩුවීමට ආලෝක දූෂණය (light pollution) ද ප්‍රබල හේතුවක් බව විද්‍යාඥයින් විසින් අනුමාන කරයි.
එක්සත් රාජධානියේ දී මෑකදී කරන ලද අධ්‍යයනයක දී, කෘත්‍රිම වීදි ලාම්පු මඟින් නිශාචර සලබයන්ගේ හැසිරීමට බාධා කරන අතර දළඹුවන් සංඛ්‍යාව අඩකින් අඩු කරන බව සොයා ගන්නා ලද අතර මේ සදහා නවීන LED වීදි ලාම්පු විශාලතම බලපෑම ඇති කළ බව පෙනෙන්නට තිබුණි.
දේශගුණික විපර්යාස, වාසස්ථාන අහිමි වීම සහ පළිබෝධනාශක වැනි තවත් ප්‍රවණතා කිහිපයක් හේතුවෙන් කෘමීන්ගේ ගහනය අඩු වන බවට සාක්ෂි වැඩිවෙමින් පවතී.
වනාන්තර, පස් කඳු, තණබිම් සහ වගුරු බිම් අඛණ්ඩව අහිමි වීම, පළිබෝධනාශක අධික ලෙස භාවිතය, දේශගුණික විපර්යාස සහ ගංගා සහ විල් දූෂණය වීම ඇතුළු සාධක සංකීර්ණ හා විවිධාකාර වේ.
බලපෑම පිළිබද පරිමාණය අපැහැදිලි මට්ටමක පැවතුනද, කෘමි ගමඛය හීන වීමේ තවත් හේතු කාරයක් ලෙස රාත්‍රී කාලයේ කෘතීම විදුලි පහන් භාවිතය ද පර්යේෂකයින් විසින් යෝජනා කර ඇත.

Science Advances හි ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයට නායකත්වය දුන් පර්යේෂකයින් පවසන්නේ ‘‘ආලෝක දූෂණය හේතුවෙන් දේශීය කෘමි විශේෂ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවත්, ආහාර සඳහා දළඹුවන් මත යැපෙන පක්ෂීන්ට සහ අනෙකුත් වන සතුන්ට එහි ප්‍රතිවිපාක ඇති බවට ශක්තිමත්ම සාක්ෂිය බවත් ය‘‘
සමනල සංරක්‍ෂණය (Butterfly Conservation) පිළිබඳ පුණ්‍යායතනයේ ප්‍රධාන පර්යේෂක ඩග්ලස් බෝයිස් පැවසුවේ “ආලෝක දූෂණය වැදගත් කරුණක් යැයි අපට දැන් හොඳටම විශ්වාසයක් තිබිය හැකියි‘‘
“කෘමීන් කරදරයක සිටී නම් (අප විශ්වාස කරන පරිදි සහ එයට සහාය දැක්වීමට සාක්ෂි තිබේ නම්) සමහර විට මෙම ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා අපි කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි.” බෝයිස් පැවසුවේය.
පර්යේෂකයන් සිතන්නේ වීදි ලාම්පු මඟින් නිශාචර සලබයන් බිත්තර දැමීම වැළැක්වීම හෝ වවුලන් වැනි විලෝපිකයන් විසින් කෘමීන් ආහාරයට ගැනීමේ අවදානමක් ඇති කළ හැකි බවයි. අනෙක් අතට, වීදි ලාම්පු යටතේ උපදින දළඹුවන්, විශේෂයෙන් LED මඟින් ඔවුන්ගේ ආහාර පුරුදු වෙනස් කරයි.
නමුත් පර්යේෂකයින් පවසන්නේ පොදු ආරක්‍ෂාවට බාධාවක් නොවන ප්‍රායෝගික විසඳුම් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ, වේලාසන වීදි පහන් දල්වා තැබීම, චලන සංවේදක සවි කිරීම හෝ ඉතාමත් හානිකර තරංග ආයාමය අඩු කිරීම සඳහා වර්ණ ෆිල්ටර් භාවිතා කිරීම ප්‍රායෝගික විසදුමක් විය හැකි බවයි.
මෙම අධ්‍යයනයේදී සමනලුන් සංරක්‍ෂණය භාරය, නිව්කාසල් විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ පරිසර විද්‍යා හා ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ විශේෂඥයින් දකුණු එංගලන්තයේ මාර්ග දෙපස තණබිම් සහ වැටකොටු දිගේ දළඹුවන් සමීක්‍ෂණය කළහ.
ඔක්ස්ෆර්ඩ්ෂයර්, බර්ක්ෂයර් සහ බකිංහැම්ෂයර් හි වීදි ලාම්පු සහිත සෑම මාර්ගයක්ම ඒ හා සමාන අසල්වැසි ප්‍රදේශයක් සමඟ සංසන්දනය කරන ලදී.
සමීක්ෂණ වලින් පෙන්නුම් කළේ ආලෝකමත් ප්‍රදේශවල දළඹුවන් අඩකින් පමණ අඩු වී ඇති බවයි (වැටවල් වල 47%ක් සහ තණබිම් වල මායිමේ 33%)
දෙවන අත්හදා බැලීමේදී කෙත්වතු වල ආලෝකකරණ උපකරණ සවි කරන ලදී. පෝෂණය හැසිරීම් කෙරෙහි බලපෑමක් ඇති කරන බව අඟවමින් LED විදුලි පහන් යටතේ දළඹුවන්ගේ අඩුවීමක් ඔවුහු සොයා ගත්හ.

සමහර කෘමීන්ගේ ගහනය පහත වැටීම ගැන විද්‍යාඥයන් වැඩි වැඩියෙන් සැලකිලිමත් වෙති.
2019 දී කෘමි ගහණය පිළිබඳ එක් විද්‍යාත්මක සමාලෝචනයක් මඟින් ලොව පුරා කෘමි විශේෂ 40%ක් “අවදානම්කාරී ලෙස ගහණය පහත වැටීමට‘ මුහුණ දී සිටින බව සොයා ගත්තේය.
මී මැස්සන්, කුහුඹුවන් සහ කුරුමිණියන් ක්ෂීරපායින්ට, කුරුල්ලන්ට හෝ උරගයින්ට වඩා අට ගුණයක් වේගයෙන් අතුරුදහන් වන බව අධ්‍යයනයෙන් කියැවිණි.
‘‘කෘමීන් නැතිවීම සමස්ත පරිසර පද්ධති සඳහාම දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති කරයි‘‘
කෘමීන් බොහෝ පක්ෂීන්, උභයජීවීන්, වවුලන් සහ උරගයින් සඳහා ආහාර ප්‍රභවයක් සපයන අතර පරාගණය සඳහා ශාක කෘමීන් මත රඳා පවතී.
බී.බී.සී වාර්තාවක් ඇසුරිණි