ආර්ථික අභියෝග ජයගන්න ‘කෘෂි ව්‍යවසායකත්වයේ’ ශක්තිය ලබාගන්නේ කෙසේ ද ?

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනයන් කෙරෙහි ඉහළ ඉල්ලුමක් පවතී. නමුත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම ගැටලුවකි. ලංකාවේ දේශගුණික තත්ත්වය, පරිසරය භූමිය, කාබනික නිෂ්පාදන තුළින් ඉහළ ඵලදාවක් ලබාගත හැකි අයුරින් තිබීම වාසනාවට කරුණකි.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ‘ව්‍යවසායකයා‘ යනු මාහැඟි සම්පතකි. නව ව්‍යාපාරයක් නිර්මාණය කර එහි සංවර්ධනය හා ක්‍රියාකාරිත්වය සඳහා වන සෑම අභියෝගයක්ම පිළිගැනීමට සූදානම් ඔහුගේ ප්‍රමුඛ අරමුණ වනුයේ ලාභය ලබා ගැනීමේ අදහසින් නව ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය.

මෙහිදී තත්කාලීන වෙළඳපොල තුළ පවතින අවස්ථාවන්හී ඔබ්බට ගොස් ස්වකීය දැනුම, නිර්මාණශීලීත්වය උපයෝගී කොට ගනිමින් නවතම ආකාරයට භාණ්ඩ හා සේවා ජනනය කිරීමේ සමත්කම ශක්‍ය තාවය මත ව්‍යවසායකයාගේ ස්ථාවරත්වය තීරණය වේ.

ව්‍යාපාරික ලෝකයේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීම උදෙසා සමාජයේ පුද්ගලයන්ගේ නොවිසඳුනු ගැටලු හඹා යමින් ඒ සඳහා විසඳුම් උත්පාදනය කිරීම මෙන්ම නව අවශ්‍යතා නිර්මාණය කිරීම විවසායකයා සෑම විටම උත්සාහ කළ යුතුය.

දීර්ඝකාලීන සමාජය ගැටලුවක් වන දරිද්‍රතාවය ජය ගැනීම උදෙසා ක්‍රියාත්මක කළ යුතු මෙන්ම ක්‍රියාත්මක විය යුතු අවශ්‍යම කාරණයක් වනුයේ ව්‍යවසායකත්ව සංකල්පය සමාජගත කිරීමය.

පුද්ගල ආර්ථිකය කෙරෙහි සෘජු බලපෑමක් මෙන්ම වක්‍රව රටේ ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ව්‍යවසායකයා නගාසිටුවීම මෙන්ම අවශ්‍ය දැනුම පුහුණුව අවස්ථාවන් උදාකර දීම කාලීන අවශ්‍යතාවයකි. මෙහිදී ව්‍යවසායකයෙකු වශයෙන් තමා නිර්මාණය කරන්නා වූ ව්‍යාපාරය පවත්  වාගෙන යාම කෙරෙහි නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

එසේ ම තමා තුළ ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම මෙන්ම ඒ සඳහා දැඩි උද්යෝගයක් තිබීමද වැදගත්ය. මෙහිදී වෙළඳපොළ තුළ පවත්නා අවස්ථාවන් පිළිබඳ සොයා ගෙන යාම මෙන්ම ඒවා හඳුනා ගැනීම තුළින් තමන් අරමුණු කර ගන්නා නව ව්‍යාපාරය වෙළඳපොල තුළ ප්‍රචලිත කිරීමේ සීඝ්‍රතාව නිතැතින්ම වැඩිදියුණු කරගත හැකිය.

හලාවත වැවිලි සමාගම විසින් පසුගිය දා පොල් ආශ්‍රිත නව නිෂ්පාදන 10ක් හදුන්වා දුන්නේය.

ව්‍යවසායකයා තමන් කරන ව්‍යාපාරය තමන් වෙනුවෙන් නොව සමස්ත සමාජය වෙනුවෙන් බව ආකල්පමය වශයෙන් පෝෂණය වීම මුළු මහත් සමාජයේම අභිවෘද්ධියට හේතු පාදක වේ. ව්‍යවසායකත්වය තුළින් නව රැකියා උත්පාදනය වීම හේතුවෙන් සමාජයේ විවිධ ස්ථරයන් කෙරෙහි ආර්ථික සමෘද්ධිමත් භාවය ඇති කරලීමට හේතු වේ.

ව්‍යසායකත්වය තුළින් ආර්ථිකය ශක්තිමත්ව ජයගැනීම උදෙසා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ජය ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වේ. මෙහි දී දේශීය වෙළඳ පොළේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම මෙන් ම විදේශීය වෙළෙඳපොළ නිවැරදිව හඳුනා ගැනීමද වැදගත්ය.

ජාත්‍යන්තර නීති රීති, ආනයනය, අපනයන ක්‍රියාවලිය අධ්‍යයනය, තාක්ෂණික යෙදුම් පිළිබඳ අවබෝධය මෙන්ම උපදේශනය, යටි තල පහසුකම් සපුරා ගැනීම ව්‍යවසායකත්වය සශ්‍රීකත්වයට අවශ්‍ය වේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය නොමැති වුවද සාර්ථක ව්‍යවසායකුගේ රටක ආර්ථික සංවර්ධනය ළඟා කර ගත හැකි බව සිංගප්පූරුව මාලදිවයින වැනි රටවලින් ආදර්ශ සපයයි.

මිනිස්සුන්ගේ ආකල්පමය සංවර්ධනය මෙන්ම සිතුම් පැතුම් හා තමන් ජීවත් වෙන සංදර්භයේ හි අන්තර්ගතව මුල්බැසගත් සංස්කෘතික කාරණාවන් ව්‍යවසායකයෙකු ට සෘජුවම හෝ අන්‍යාකාරයෙන් මුහුණ දීමට සිදුවන අභියෝගයන් වේ.

කෙසේ වෙතත් තම කැමැත්ත සූදානම මෙන්ම හැකියාව වැඩි දියුණු කර ගැනීම තුළින් මෙවැනි වූ අභියෝගයන් කෙරෙහි සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙයි. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්නා වූ සුළු අපනයන බෝග සඳහා ලැබෙන්නාවූ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට ක්‍රමෝපායන් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

ව්‍යවසායකත්වය තුලින් ආර්ථිකය ශක්තිමත්ව ජයගැනීම සඳහා උදෙසා සුළු අපනයන බෝග උපයෝගී කොට ගනිමින් සිදු කළ හැකි අතුරු නිෂ්පාදනය කෙරෙහි වැඩිපුර අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. උදාහරණයක් ලෙස වර්තමාන වෙළෙඳපොළ තුළ මිල තරමක් ඉහළ ගොස් ඇති සාදික්කා භෝගය සැලකූ විට එහි බීජය හා වසාවාසි පමණක් වෙළදපොළට නිකුත් වන අතර එහි ලෙල්ල ප්‍රයෝජනයට ගන්නේ ඉතාම අල්ප වශයෙනි. ඉන් ඉතා රසවත් චට්නි සාදා ගත හැකිය. මෙය අඹ අන්නාසි චට්නි හා සමාන රසයකින් යුක්තය. 

එසේම තවත් අපනයන බෝගයක් වන ගම්මිරිස් සඳහාද සුදු ගම්මිරිස්, කළු ගම්මිරිස් ආකාරයෙන් වෙන් කිරීමක් සිදු කොට අපනයනය කිරීම තුළින්ද එම ක්‍රියාවලිය ආශ්‍රයෙන් ව්‍යවසායකයන් බිහි වනවා පමණක් නොව අපනයන අභිමුඛ වටිනාකම් ඉහළ නංවාගත හැකිය.

මෙම තාක්ෂණය බිම් මට්ටමට හඳුන්වා දෙන වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් ඒ තුළින් ද නව ව්‍යවසායකයන් බිහිවනු නොඅනුමානය. එසේම තවත් අපනයන බෝගයක් වන ගම්මිරිස් සඳහාද සුදු ගම්මිරිස්, කළු ගම්මිරිස් ආකාරයෙන් වෙන් කිරීමක් සිදු කොට අපනයනය කිරීම තුළින්ද එම ක්‍රියාවලිය ආශ්‍රයෙන් ව්‍යවසායකයන් බිහි වනවා පමණක් නොව අපනයන අභිමුඛ වටිනාකම් ඉහළ නංවාගත හැකිය.

දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනයන් කෙරෙහි ඉහළ ඉල්ලුමක් පවතී. නමුත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම ගැටලුවකි. ලංකාවේ දේශගුණික තත්ත්වය, පරිසරය භූමිය, කාබනික නිෂ්පාදන තුළින් ඉහළ ඵලදාවක් ලබාගත හැකි අයුරින් තිබීම වාසනාවට කරුණකි.

මෙම කාබනික නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ අවශ්‍ය දැනුම සපයන ආයතන බොහොමයක් ඇත. අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වී මෙම ක්ෂේත්‍රය පිළිබඳ ව්‍යවසායකයන්ගේ අවධානය උනන්දුවෙන් යෙදවීම අත්‍යාවශ්‍යය. සහනාධාර මතම යැපෙන මූලාශ්‍රයන් අවම තත්වයට ගෙන ඒමට ව්‍යවසායකත්ව තුළින් හැකියාව ලැබේ.

ස්වභාවික සම්පත් අනූන මේ බිම  ව්‍යවසායකයන් හට නිධානයක් වැනි ය. එහි නියම ඵල ප්‍රයෝජනය ගැනීමට අවශ්‍ය වන්නේ නිසි දැනුම තාක්ෂණය හා නවමු සිතුවිලිවලින් පොහොසත් වීම පමණි. මේ සඳහා විවිධ ව්‍යවසායකත්ව පාඨමාලා  වලට සම්බන්ධ වීම තුළින් අවශ්‍ය දැනුම, පුහුණුව ඇති කර ගැනීමේ හැකියාව පවතියි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගෙවිජන සේවා මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී බොහොමයක් රාජ්‍ය ආයතන මෙන්ම සමහර පෞද්ගලික ආයතන මගින් ද සමාජයේ සෑම ක්ෂේත්‍රයකම සිටින පුද්ගලයන් ඉලක්ක ගත කර ගනිමින් විවිධ වූ පුහුණු වැඩසටහන් සම්මන්ත්‍රණ, දැනුවත් කිරීම් ආදිය සිදු කරනු ලබයි. ඒ හා අත්වැල් බැඳ ගනිමින් පාසල් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් සහතික පත්‍ර වලටම සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම අවශ්‍යම කාරණයකි.

සරු පොළවක් හිමි ‘මේ දෙරණේ ඉවත දමන දඬුව වුවද දලුලා යලිපැළ වේ‘ එවන් භූමිය ක හිමිකම් පාන අප කෘෂිකාර්මික භෝග නිෂ්පාදනය කෙරෙහි වැඩි වැඩියෙන් යොමු ව ඒ ආශ්‍රිත නව ව්‍යවසායකයන් බිහි කර ගනිමින් ස්ව ආර්ථිකය  ජයගැනීමට වෙර දරමු.

ඉහළ ඡායාරූපය – හලාවත වැවිලි සමාගම විසින් පසුගිය දා වෙළෙදපොළට හදුන්වා දුන් නව නිෂ්පාදනයකි.

සටහන

කිත්මිණී කුමාරි කාංගර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *