සාම්ප්‍රදායික කෘෂිකාර්මික දිවි පැවැත්මක් හිමි ශ්‍රී ලාංකිකයා කෘෂිකර්මය නවීකරණය වීමත් සමඟම එම සම්ප්‍රදායික කෘෂිකර්ම වගා ක්‍රමයෙන් තරමක් ඈත් වන්නට විය. එනම් එතෙක් පැවති පරිසර හිතකාමී පළිබෝධ නාශක පොහොර ආදිය භාවිතය වෙනුවට රසායනික පළිබෝධ නාශක, රසායනික පොහොර ආදිය භාවිතය කෙරෙහි ගොවියා ගේ අවධානය යොමුවිය.
මෙහිදී පරිසරයට දැරිය නොහැකි ලෙස පළිබෝධ නාශක ද්‍රව්‍ය වගා පරිසරයට එකතු වීම හේතුවෙන් සරු අස්වැන්නක් ලැබුණ ද එමගින් සිදුවන පාරිසරික හානිය, සෞඛ්‍යමය හානිය අතිමහත්ය. වගාව විශාල වීමත් සමගම ඒ සඳහා එල්ල වන කෘමීන්ගේ බලපෑම අවම කර ගැනීම සඳහා ගොවියා මෙම කෘමිනාශක කෙරෙහි අවධානය යොමු කළේය.ෙ
නමුත් මෙහි දී පරිසරයට දැරීමට නොහැකි ලෙස මෙම පළිබෝධ නාශකයන් එක්වීම හේතුවෙන් වර්තමානය වන විට ගැටලු බොහොමයක් පැන නැගී ඇත. මෙම පළිබෝධ නාශකයන් එළවළු, පලතුරු වල යම්තාක් දුරට රැඳී පැවත වෙළඳපොළට නිකුත් වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පැන නැගී ඇත.
එමෙන්ම අධික ලෙස පොහොර වර්ග පසට එකතු කිරීම හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිත පරිසරයේ පාරිසරික ගැටලු ද රැසක් මතුව ඇති අතර එහිදී ජල සම්පත් වලට සිදුවන හානිය හේතුවෙන් මිනිසුන් ද විවිධ රෝගාබාධයන්ට ලක්ව ඇති අයුරු දැක ගැනීමට හැකිය. උදාහරණයක් වශයෙන් දක්වන්නේ නම් රජරට ප්‍රදේශයේ බහුල වශයෙන් වකුගඩු රෝගීන් වාර්තා වීම දැකගත හැකිය.

කෙතරම් සරු අස්වැන්නක් මෙම රසායනික පොහොර, රසායනික පළිබෝධනාශක භාවිතා කිරීම හේතුවෙන් ලැබුණ ද එමගින් පරිසරයට මිනිසාටත් සිදුවන්නේ අතිශය දරුණු විනාශකාරී බලපෑමකි. මෑතකදී ශ්‍රී ලංකා රජය රසායනික පොහොර ආනයනය කිරීම නතර කිරීමත් සමගම විවිධ පාර්ශ්වයන් නැවතත් කාබනික වගාව කෙරෙහි සිය අවධානය යොමු කළේය. මෙම කාබනික පොහොර භාවිතා කිරීම මගින් පරිසරයට හානියක් සිදුනොවන අතර මිනිසාට ද එමගින් කිසිදු හානියක් නොවේෙ
වර්තමානය වන විට කාබනික එළවළු සඳහා වෙළෙඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් ඇති අතර අද වනවිට මේ තත්ත්වය ප්‍රචලිත වෙමින් පවතී. එම නිසා මෙම කාබනික වගාව කෙරෙහි ගොවියා යොමු කිරීම සිදු කළ යුතුය. විශේෂයෙන්ම නිසි කළමනාකරණයකින් තොර රසායන පළිබෝධ නාශක භාවිතා කිරීම හේතුවෙන් මෙවැනි අහිතකර තත්ත්වයන් පැන නැගී ඇති අතර කාබනික පොහොර වගාව කාබනික එළවළු වගාව කෙරෙහි ගොවියා යොමු කිරීම තුළින් මේ තත්ත්වයට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ කාර්යයේ දී ගොවියා ඉඩම තෝරා ගැනීම බිම් සකස් කිරීම මේ ආදී සෑම දැනුමක්ම ඔහු සතු තිබිය යුතු අතර මෙම දැනුම ගොවියාට ක්‍රමානුකූලව ලබාදීම ද සිදු කළ යුතුය.
කොහොඹ ඇට නිස්සාරකය, සුදු ලූණු නිස්සාරකය, සත්ත්ව අපද්‍රව්‍ය නිස්සාරණය ආදී ස්වභාවික පළිබෝධ නාශක භාවිතා කර කාබනික වගාව සිදු කිරීම තුළින් රසායනික පලිබෝධනාශක භාවිතය තුළින් සිදුවන හානිය වළක්වා ගැනීම කළ හැකිය. ඒ අනුව මෙම කාබනික එලවලු වල ගුණාත්මකභාවය ඉහළ අතර සෞඛ්‍යයට ඉතාමත් හිතකරය. පරිසරයට ද එමගින් කිසිදු හානියක් සිදු නොවන බැවින් පරිසරයත් රැකගෙන අපිත් රැකීමට නම් මෙම කාබනික වගාවන් කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍යම වේ.
