ශ්‍රී ලංකාවේ වී ගොවිතැන සම්බන්ධයෙන් ඉපැරණි සාධක ක්‍රි.පූ. 420දී පමණ හමුවෙයි. එනම් විජය කුමරුන් ලංකාවට පැමිණීමට පෙර සිටම ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීම සඳහා වැව්අමුණු බැඳීම පිළිබඳ සාධක හමු වී ඇත. ක්‍රි.පූ 06වන සියවසේ දී විජය කුමරු සහ පිරිස ලක්දිවට ගොඩබැසීමේන් පසු ඔවුන් ආහාර ලෙස බත් අනුබව කළ අතර ඉතිරි කුවේණියට දී ඇත.
සහල්, ලෝක ජනගහනයෙන් හරි අඩකගේ ප්‍රධාන ආහාරයයි. ඒ අතරින් වැඩි වශයෙන් සහල් පරිභෝජනය කරනුයේ ආසියානුවන්ය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2019 වර්ෂයේ මෙරට ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 149කි.
ලෝකයේ වී වගා කරන ප්‍රදේශ ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ බෙදා දැක්විය හැකි අතර එනම්, ආසියාවේ වී වගා කරන ප්‍රදේශ හා ආසියාවෙන් බැහැර වී වගා කරන ප්‍රදේශයන් ය.
ශ්‍රී ලංකාව හැරුණු කොට ආසියාවේ වී වගා කරන ප්‍රධාන රටවල් වනුයේ තායිලන්තය, චීනය, ඉන්දියාව, බංගලාදේශය හා මියන්මාරයයි. ආසියාවෙන් බැහැර වී වගා කරන ප්‍රදේශ ලෙස ඉතාලියේ පෝ ගංඟා නිම්නය, උතුරු ඇමරිකාවේ මිසිසිපි හා සැක්‍රමැන්ටෝ නිම්නය, අප්‍රිකාවේ නයිල් ඩෙල්ටාව, ඕස්ටේ්‍රලියාවේ මරේ ඩාලිං ගංඟා නිම්නය හා මැඩගස්කරය ආශ්‍රිත ප්‍රදේශ දැක්විය හැකිය. මෙලෙස ලොව පුරා සුවිසල් භූමි භාගයක පැතිරෙමින් නිතිපතා විසල් ජනකායකගේ කුසගිනි නිවනා ගොයම් ගහේ ඉතිහාස කතාව අප දැන සිටිය යුතු නොවේ ද?
දිනක් මෙම තරුණයින්ගේ වැඩ අධීක්ෂණයට ගිය ඇන්ඩර්සන් මහතාට දැකගත හැකි වූයේ අඩි සියයක් පමණ ගැඹුර ඇති රතු පස් සහිත ප්‍රපාතයකි. එහි තිබී ගල් ආයුධ සහ හොඳින් මැද කැටයම් යොදා සැකසූ දීසි කැබැල්ලක් ඔහුට හමු විය. ඒ පිළිබඳ පර්යේෂණයන් සිදුකළ ඇන්ඩර්සන් මහතාගේ නිගමනය වූයේ මෙම භාණ්ඩ හා ආයුධ ගල් යුගයට පසුව පැවති යුගයකට අයත් බවයි

චීනයෙන් හමු වූ පළමු සාක්ෂිය
ගොයම් ගහේ ආරම්භය අදින් වසර 5000කට ඉහත ඈත අතීතය දක්වා දිව යන අතර චීනය, ඒ උදෙසා ස්ථිරසාර පුරාවිද්‍යාත්මක සාධක සපයයි. 1920 වර්ෂයේ දී ස්විඩන් ජාතික ජේ.පී. ඇන්ඩර්සන් මහතා ඉපැරණි සතුන්ගේ ඇට කටු සෙවීමේ සහ චීන ආණ්ඩුවට යකඩ හා තඹ නිධි සොයාදීමේ අරමුණින් චීනය වෙත පැමිණියේ ය. සිය කාර්යයන් පහසු කරගැනීම උදෙසා චීන ගම්මානවල වෙසෙන තරුණයින් උදවුවට ගත් ඔහු, ඔවුන්ට පැවසූයේ, පරණ ගල් පිහි, ගල් පොරෝ වැනි දෑ ගෙනැවිත් දෙන පිරිසට මුදල් ලබාදෙන බවයි.
දිනක් මෙම තරුණයින්ගේ වැඩ අධීක්ෂණයට ගිය ඇන්ඩර්සන් මහතාට දැකගත හැකි වූයේ අඩි සියයක් පමණ ගැඹුර ඇති රතු පස් සහිත ප්‍රපාතයකි. එහි තිබී ගල් ආයුධ සහ හොඳින් මැද කැටයම් යොදා සැකසූ දීසි කැබැල්ලක් ඔහුට හමු විය. ඒ පිළිබඳ පර්යේෂණයන් සිදුකළ ඇන්ඩර්සන් මහතාගේ නිගමනය වූයේ මෙම භාණ්ඩ හා ආයුධ ගල් යුගයට පසුව පැවති යුගයකට අයත් බවයි. ඒ අනුව එම භාණ්ඩ හා ආයුධ හමු වූ ප්‍රපාතය තවදුරුටත් කෑණිමට භාජනය කළ ඇන්ඩර්සන් මහතාට රාක්කයක එල්ලීම සඳහා කොක්කක් සහිත, උල් වූ පතුලකින් යුත් ජෝගුවක් හමු විය. ඒ සම්බන්ධයෙන් ඇන්ඩර්සන් මහතාගේ උපකල්පනය වූයේ එකළ විසූ ජනතාව මෙවැනි ජෝගු තුනක් එකට තබා ඉවීමට ගතහැකි භාජනයක් නිර්මාණය කොට ඊට යටින් ගින්දර දමා ඇති බවයි.
තවදුරටත් සිදුකළ කැණීම් වල දී උදුනේ කටට සරිලන දීසියක් ද හමු විය. එහි දී ඇන්ඩර්සන් මහතාට පැනනැඟි ප්‍රශ්නය නම් උදුනේ ජෝගුවලට වතුර දමා පිසගෙන දීසියට පිළිගැන් වූ ආහාරය කුමක් ද යන්නයි. ඊට ටික දිනකට පසු පුදුමාකාර සලකුණු සහිත මහත මැටි බඳුනක් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පර්යේෂණයන් මඟින් එහි තිබී, වී පොත්තක සලකුණු හමු වී ඇත. ඒ ඔස්සේ සිය පැනයට විසඳුම සොයාගත් ඇන්ඩර්සන් මහතා, කකුල් තුනේ උඳුනේ දමා තම්බා ඇත්තේ වී බවට නිගමනය කළේ ය.
ඉන්දියානු වී ගොවිතැනේ පුරාණ සාධක
චීනය පමණක් නොව අතීත වී ගොවිතැන සම්බන්ධයෙන් ඉන්දු නදී ශිෂ්ඨාචාරය ද සාක්ෂි සාධක සපයයි. ඉන්දු නදී ශිෂ්ඨාචාර සමයේ මොහෙන්ජෝදාරෝ හරප්පා යුගයේ දී (ක්‍රි.පූ. 2500 -3000) වී ගොවිතැන ප්‍රචලිතව තිබූ බවට සාධක පුරාවස්තු කැනීම් මඟින් සොයාගෙන ඇත. දේව පූජා වශයෙන් ද සහල් යොදා ගත් බව හින්දු ශිලා ලිපි ගණනාවක සඳහන් වෙයි. දෙමළ පුරාණ ස්ත්‍රෝතවල සඳහන් වන පරිදි මෙම දේව පූජාවන් උදෙසා විශේෂ සහල් වර්ග යොදාගෙන ඇත. එමෙන්ම එකළ ජල අවශ්‍යතා, කාලය හා පෝෂ්‍යදායී ගුණාංග අනුව සහල් වර්ග කළ බව සුස්රුතගේ (ක්‍රි.පූ. 1000) භාරතීය ආයුරුවේද පුස්තකයක සඳහන් වේ.
එපමණක් නොව අදින් වසර 2500කට පමණ ඉහත ගෞතම බුදුරදුන්ගේ අවධියේ දී ද වී ගොවිතැන සශ්‍රීකව පැවති බවට ඛුද්දක නිකායේ කසීභාරද්වාජ සූත්‍රයේ එන බුදුරජාණන් වහන්සේ හා කසී භාරද්වාජ බමුණා අතර ඇතිවන සංවාදය සාක්ෂි සපයයි. බෞද්ධ භික්ෂූන් වහන්සේගේ සිවුර නිර්ාමාණය කළ යුතු මූලික ආකෘතිය ලෙසින් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ද කුඹුරක නියර පිහිටන ආකාරයයි. එමෙන්ම එකළ අමිතෝදන රජුගේ පුත්‍රයෙකු වූ මහානාම කුමරු වී ගොවිතැන සම්බන්ධයෙන් කළ විස්තරයක් පූජාවලියේ සැකෙවින් දක්වා ඇත්තේ මෙසේය.
“ සී සෑම ඉතා අමාරු දෙයකි. නඟුලක්, විය දණ්ඩක්, පෝරුවක්, ගොන්බානක්, ගොවියෙක් වැනි අටළොස් දෙනා උපයෝගී කරගෙන යන ගමන සී සෑමයි. සී සෑවාට පසු කුඹුරෙහි ඇළ මං පාදා ගෙන ශුභ නැකතකින් බිම සාදා දෙවරක්, තුන්වරක් සී සා නියර කපා බිම සකස් කර පෝරු ගා, බීජ කුඹුරෙහි වපුරා ගත යුතු ය. කුඹර වටා වැටක් බැඳ ගොයම් ගස වැඩෙන අවස්ථාවෙහි පැලක් සාදා එය ආරක්ෂා කරගත යුතුයි. දිවා රෑ නිදි නොලබා ඌරන්, මුවන්, මීමුන් ආදී සතුන්ගෙන් හාර මසක් ආරක්ෂා කළ යුතුය. කරල් පූදින මල් අවස්ථාවේ දී රෝග සෑදේ නම් එයට පිළියම් යෙදිය යුතු වේ. සීනටි කුඹුරක් නම් තුන් හාර මසක් රැකිය යුතුය. මාවී කුඹුරක් නම් හය මසක් හත් මසක් රැකිය යුතු ය.”

හෙළදිව වී ගොවිතැනේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන සම්බන්ධයෙන් ඉපැරණි සාධක ක්‍රි.පූ. 420දී පමණ හමුවෙයි. එනම් විජය කුමරුන් ලංකාවට පැමිණීමට පෙර සිටම ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීම සඳහා වැව්අමුණු බැඳීම පිළිබඳ සාධක හමු වී ඇත. ක්‍රි.පූ 06වන සියවසේ දී විජය කුමරු සහ පිරිස ලක්දිවට ගොඩබැසීමේන් පසු ඔවුන් ආහාර ලෙස බත් අනුබව කළ අතර ඉතිරි කුවේණියට දී ඇත.
ලිඛිත ඉතිහාසයෙහි වී වගාව පිළිබඳව පළමු වතාවට සඳහන් වන්නේ පඬුවස්දෙව් රාජ්‍ය පාලන සමයේ දී ය. ක්‍රි.පූ. 4වන සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් කරවූ අනුරාධපුරයේ අභය වැව රජරට වී ගොවිතැන සඳහා විශාල දායකත්වයක් සැපයූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අනුරාධපුර යුගයේ වී ගොවිතැන හා වාරිමාර්ග කටයුතු පිළිබඳ මනාව පැහැදිලි කරන සෙල්ලිපියක් ලෙස ‘තෝනිගල’ ශිලා ලිපිය දැක්විය හැකිය. දකුණු ඉන්දියාවේ කාවේරි ප්‍රදේශයේ වැව් හා වාරි මාර්ග කටයුතු සඳහා ලංකාවෙන් මිනිසුන් යැවීම ගජපා රජු විසින් තහනම් කළ බවත් වසරකට කන්න තුනක් වී වගා කළ බවත් එම ශිලා ලිපියේ සඳහන් ය. තෝනිගල ශිලා ලිපියෙහි සඳහන් වී වගා කළ කන්න තුන ‘පිට දඹ හස’ , ‘අකල හස’ හා ‘මදෙහස’ නම් වේ. මේවා බොහෝ දුරට යල , මහ සහ අතරමැදි කන්නයන් විය හැකිය. එපමණක් නොව මහ පැරකුම් රජ සමයේ මෙරට පෙරදිග ධාන්‍යාගාරය යන විරුදය ලබා ඇති අතර සහලින් ස්වයංපෝෂිත මෙරට අතිරික්ත සහල් විදෙස් රටවලට අපනයනය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
මෙලෙස අතීතයේ සිට අද දක්වා ක්‍රමිකව විකාශය වූ වී ගොවිතැන 1940 දශකයේ ඇරඹි හරිත විප්ලවයත් සමඟින් වෙනස්ම මඟක ගමන් කරන්නට විය. ඉන් සියවසක් ගත වන්නටත් මත්තෙන් කාර්මීකරණය වූ වී ගොවිතැනෙහි අනිසි ඵල ලොව පුරා ජනතාවට අත්විඳීමට සිදුව ඇති පසුබිමක ශ්‍රී ලංකාව ඉන් මිඳී උඩු ඟං බලා පිහිනීමට දරන වෑයම තවත් චිරාත් කාලයක් වස විසෙන් තොර සහල් පරිභොජනයක් උදෙසා ශ්‍රී ලාංකික ංනතාව දිරි ගන්වනුයේ ඉහළ ආයු අපේක්ෂාවක් ද සමඟිනි.
ගොවි ජනතාව 4 වැනි වෙළුම පළමු කලාපය – 1977 ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
සැකසුම – නලන් අනුරුද්ධ