මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා – තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා විද්වත් කමිටු සභාපති
- කාබනික පොහොර, අස්වැන්න හෝ ගොවීන්ගේ ආදායම අඩුවීමට කිසිසේත් ඉඩ දෙන්නෑ
- පාසල් – සරසවි විෂය මාලාවට පරිසර කෘෂිකර්මාන්තය එක්කරනවා
දැනට පාසල් අධ්‍යාපනයේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විෂය නිර්දේශයන් සහ ඉගැන්වීම් වලට අමතරව ඉදිරියේ දී කෘෂි අධ්‍යාපනය යටතේ පරිසර හිතකාමි කෘෂි අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි පරිසර කෘෂිකර්මාන්තය සඳහා විද්වත් කමිටු සභාපති මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා පැවසීය.
පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
මේ රට තිරසාර කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපනය බොහෝ දුරට වෙනස් කිරීම සඳහා තීරණය කර තිබෙන බවත් ඊට අමතරව වීශ්වවිද්‍යාල සහ පාසල් අධ්‍යාපනය හරහා නව ක්‍රමවේදය හඳුන්වාදීම සඳහා මේ වන විටත් දැනුම් ඇති කණ්ඩායමක් තෝරා පත් කර ගෙන ඇති බව ද සඳහන් කළේය.

කාබනික සහ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය මෙරට නැවත ඇති කිරීම විදේශ රටවලින් කාබනික පොහොර ගෙන්වීම, ඉදිරියේ දී කාබනික පොහොර සහ රසායනික පොහොර ක්‍රමවේදය පවත්වාගෙන යන ආකාරය මෙන්ම තිරසාර කෘෂිකර්මාන්තයේ නව ක්‍රමවේදයන් පිළිබඳව රජයේ මතය පිළිබදව තිරසාර කෘෂිකර්මාන්තයක් සදහා විද්වත් කමිටු සභාපති මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා මෙසේ ද පැවසීය.
අස්වැන්න කිසිසේත්ම කඩාගෙන වැටෙන්න දෙන්නේ නැහැ. කාබනික පරිසර හිතකාමි ක්‍රම යටතේ කෘෂිකර්මාන්තය කරගෙන යන ගොවීන්ට ආදායම කිසිම අඩුවක් වෙන්නේ නැහැ. රජය ප්‍රධාන බලාපොරොත්තුව ගොවීන් කිසිසේත්ම අපහසුතාවයට පත් නොවෙන්න රටේ ආහාර හිඟයක් කිසිසේත්ම මේ වෙනස තුළින් ඇති නොවන්න වැඩකරනවා.
කාබනික පෝර ටික දැනට අවශ්‍ය ප්‍රමාණය තාවකාලිකව හෝ ආනයනය කරන්න තීරණය කළා. එය කරනකොට හොදට සොයා බලනවා. කාබනික පොහොර සහ කොම්පෝස්ට් යනු දෙකක්. ගෙන්නන්නේ කොම්පෝස්ට් කාබනික පොහොරක් තමයි. නමුත් නැවත කාබනික කෘෂිකර්මාන්තයේ නූතන තාක්ෂණය අනුව කරන ලෝකයේ ඉහළම නූතන තාක්ෂණ අනුකරණ කාබනික කෘෂිකර්මාන්තයේ පාවිච්චි කරන පොහොර වලට අපි පොදුවේ කියනවා ‘කාබනික පොහොර‘ කියලා. මේ කාබනික පොහොර තමයි ගෙන්වන්නේ.
කාබනික කෘෂිකර්මාන්තයේ දැනට ශාක පෝෂක වලින් යම් කිසි හිඟයක් ප්‍රධාන වශයෙන්ම ඇතිවෙලා තියෙනවා. යම් කිසි අඩුවක් වෙන්න පුළුවන්. ඒක තමයි ආනයනය කරන්නේ. ඒ ආනයනය කරන කාබනික පෝර වර්ග ප්‍රධාන වශයෙන් ම පොටෑසියම් සහ නයිට්‍රජන් අඩංගු කාබනික පෝර නයිට්ට්‍රාජන් අඩංගු කාබනික පෝර දැනට ලෝකයේ උසස්ම තත්ත්වයේ කාබනික නයිට්‍රිජන් පොහොර අරන් එන්නේ.
මේවා තනිකරම ශාක අමුද්‍රව්‍ය හෝ මාළු වගේ සත්තු අමුද්‍රව්‍ය වලින් හදන දානවා. ශාක විශේෂ මුහුදු වල් පැළෑටිවලින් නිෂ්පාදනය කරන්න ඒවා. කාබනික පොහොර ලෝකයේ උසස්ම ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර. මෙහිදී විශේෂයෙන් සලකා බැලුවා ලෝකයේ ඉහළම ප්‍රමිතිය බලන යුරෝපා ප්‍රමිතිය. එතකොට ඇමරිකානු ප්‍රමිතිය, ඕස්ට්‍රේලියානු ජපාන ප්‍රමිතිය, නිරූපණ පිළිගන්න අන්තර්ජාතික කාබනික කෘෂිකර්මාන්තය සඳහා ගැළපෙන පොර තමයි මේ ගෙන්වන්නේ.
මෙහිදී පටලවා ගන්න හොඳ නෑ මේ ගෙන්වන්නේ කොහෙවත් හදන ප්‍රමිතියෙන් අඩු කොම්පෝස්ට් කියලා. විශේෂ නයිට්‍රිජන් කාබනික පොහොර මේක සම්පූර්ණයෙන්ම සුද්‍රජිවින් තොරයි. එනිසා අපට කිසිසේත්ම විදේශ රටකින් ක්ෂුද්‍රජිවින් මෙහාට එන්න කිසිම විදියක් නෑ. ඒ සඳහා සියලුම පියවර අරන් තියෙන්නේ. ආරක්ෂාව පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ”
දැනට අපිට මේ තියෙන අඩුව නිසා ඒ අඩුව පුරවන්න අපිට තාක්ෂණය තියෙනවා. නමුත් මේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අමුද්‍රව්‍යය අපිට මොනතරම් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා යම්කිසි කාලයක් යනවා. මහ කන්නයට කලින් අපිට එක කරන්න ප්‍රායෝගිකව බැරි කමක් තියෙනවා. ඒ නිසා මහ කන්නයේදී කිසිදු පීඩාවක් ඇති නොවෙන්න, එහෙත් පොහොර පෝෂක අවශ්‍යතාවය සපුරා සපුරාගන්න තමයි කරන්නේ.
මේ ගැන කිසිසේත්ම කලබලයට පත් වෙන්න අවශ්‍ය නෑ, සැකයක් හිතාගන්න බෑ. ඒත් එක්කම තව ප්‍රශ්නයක් වෙන්නේ කෘෂිකර්මාන්තයට, එහෙම නැත්නම් පරිසර හිතකාමී කර්මාන්ත වෙනස්ද කියලා. සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කතා කරන කොට උසස් හයිබ්‍රිඩ් බෝගවල බීජ අපිට පාවිච්චි කරන්න පුළුවන් ද ? ජාන තාක්ෂණය හදපු බෝග සඳහා කරන්න බැහැ කියන කතාව.
මේ නූතන බිජ අස්වන විශාල වශයෙන් ලැබෙන අපිට මේ ක පාවිච්චි කරන්න පුළුවන් ඒක කිසිම ගැටලුවක් නෑ, තහනමකුත් නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්නයක් අපිට ඇති කරගන්න එපා. අපි කලින් පාවිච්චි කරපු සියල්ල බිජ ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්. අස්වැන්න කිසිම අඩුවක් නැතුව ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්.
රජය විශේෂ කමිටුවක් දාලා තියෙනවා මේ කෘෂිකර්මාන්තය ලංකාවේ ඉදිරියට කරගෙන යෑම සඳහා. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. මේ දෙක තමයි ලංකාව පුරා අපේ කෘෂි කර්මාන්තයේ විශාල සේවයක් සිදු කරන්නේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රධාන වශයෙන්ම පර්යේෂණ තාක්ෂණ අංශය දියුණු කරගෙන යනවා. ජාන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ පර්යේෂණ තාක්ෂණ මේ ලබා ගන්න ප්‍රතිඵල තොරතුරු පරීක්ෂණ කරගෙන යනවා. අද මේ සිදුවෙච්ච පරිවර්තනය විශාල පරිවර්තනයක්. කාබනික කෘෂිකර්මාන්තය සහ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය කියන්නේ සම්පූර්ණ දෙකක්. මේකේ ක්‍රමවේද සම්පූර්ණ වෙනස්, පර්යේෂණ වෙනස්, ඒත් එක්කම මේකේ භාවිතය වෙනස්, අමුද්‍රව්‍ය වෙනස්, විශාල වෙනසක් තියෙනවා. මේ වෙනසට එක එකපාරට පුරුදු වෙන්න අමාරු තමයි.
ප්‍රධාන කෘෂිකර්මයට දායක වන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවලටත් යම් කිසි අපහසුවක් කියලයි අපට පෙනී ගියා. ඒ සඳහා උදව් කරන්න තවත් විශේෂ කමිටුවක් පත් කරල තියනවා. ඒ කමිටුවේ ඉන්නේ කාබනික කෘෂිකර්මාන්තය, පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය එක් එක් අංශ සඳහා ලංකාවේ ඉන්න ඉහළම සුදුසුකම් තියෙන ලංකාවේ විශ්ව විද්‍යාල වල ආචාර්ය මහාචාර්යවරු.
අපි උදාහරණයක් හැටියට ශාක ප්‍රචාරණය කොට ශුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් බීජ සම්බන්ධයෙන් ආර්ථික සම්බන්ධයෙන් එතකොට රසායන සම්බන්ධයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ හැම අංශයක් සඳහා ම ඒ සඳහා ඉන්න ඉහළම විශේෂඥ මේ කණ්ඩායමට අරගෙන තියෙනවා. ඉන් බලාපොරොත්තු වෙන්නේ එම විශේෂඥ කණ්ඩායම තුළින් යාවත්කාලීන වූ විශේෂ පුහුණුවක් තියෙන විෂයන් සඳහා එක් එක් අංශය සඳහා කාබනික කෘෂිකර්මාන්තය පරිසර කෘෂිකර්මාන්තය කිසිදු අඩුවකින් බාධාවකින් තොර ව ඉස්සරහට කරගෙන යන්න.
මේ සඳහා දැනට තියෙන රාජ්‍ය ආයතන වලට, පෞද්ගලික ආයතනවලට සියල්ලටම ඒ සඳහා ආධාර කරන්න මෙහිදී ප්‍රධාන වශයෙන් අපි එකක් බලාපොරොත්තු වෙනවා.
කෘෂි අධ්‍යාපනය ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අපිට විශාල වෙනස්කම් රාශියක් කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම ලංකාවේ කෘෂි අධ්‍යාපන පාඨමාලාවන් පාසල් සිට විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන වශයෙන්ම මේ පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයට අපි මාරු වෙනකොට අපි මේ පාඨමාලාවලට එහි විශාල මේ අඩුව පුරවන්න අපිට අලුතෙන් යම්කිසි අංශ සඳහා අලුතෙන්ම ඒ අඩුපාඩු පුරවන්න වෙනවා.
අනාගතයේදී කෘෂි අධ්‍යාපනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ පරිසර කෘෂිකර්මාන්තය මිස රසායන කෘෂිකර්මාන්තය නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් කරන්නෙ නෑ මේ කෘෂි අධ්‍යාපනය සම්පූර්ණ රසායනික කෘෂිකර්මාන්තය පැත්තක දානවා කියලා. නමුත් මෙහි දී විශේෂ පරිසර කෘෂිකර්මාන්ත තාක්ෂණය භාවිතය ප්‍රායෝගික කටයුතු කරගෙන යාම සඳහා අධ්‍යාපනයේ පාඨමාලාවල අවශ්‍ය වෙනස්කම් විශ්වවිද්‍යාල පාසල් අධ්‍යාපන විශේෂඥයින් විද්‍යාඥයන් මේ සියල්ලගේම සහභාගිත්වයෙන් ඇතිකරනවා.
සංවාද සටහන – කාංචන කුමාර ආරියදාස