කාබනික ගොවිතැනට යන්න ‘ගොවි බිම්වල පාංශු පරීක්ෂණ සඳහා‘ ගොවීන්ට පහසුකම්

ගොවිබිම්වල පාංශු පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා කඩිනමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රසායනාගාර පහසුකම් ලබා දෙන ලෙස තමා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහනට පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතන සිය පූර්ණ දායකත්වය ලබා දිය යුතු බව ඊයේ (24) පරිසර අමාත්‍යාංශයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

පාංශු පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සතුව දැනට අංගසම්පූර්ණ රසායනාගාරයක් ඇත.

“ස්වාභාවික වල් නාශක සහ පළිබෝධනාශක භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ තාක්ෂණික සේවා ආයතනයේ මූල්‍ය ආධාරයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිනෙවා. කාබනික ගොවිතැන ජනප්‍රිය කිරීමේ ක්‍රියාවලියේ විශාල ගැටළුවක් වන්නේ වල් නාශක සහ පළිබෝධනාශක කෙරෙහි මෙතෙක් අවධානය යොමු නොකිරීමයි. එබැවින් ආක්‍රමණශීලී ශාක විශේෂ කිහිපයක් භාවිතා කරමින් 100% පරිසර හිතකාමී වල් නාශක සහ පළිබෝධනාශක නිෂ්පාදනය කිරීම සඳහා අපේ රටේ සිදු කරන ලද පර්යේෂණ සාර්ථක වුවහොත් එය දේශීය කෘෂිකාර්මික අංශයේ සන්ධිස්ථානයක් වේවි.. පරිසරයෙන් ඉවත් කළ යුතු ආක්‍රමණික විශේෂ කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒවා පිළිබඳව පර්යේෂණ සිදුකරන බව ද‘‘ පරිසර අමාත්‍යවරයා පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *