දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බවත් ඒ වෙනුවෙන් එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 10 බැගින් වෙන්කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 01 ) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.
වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් නිෂ්පාදනය කර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2021/22 මහ කන්නය සදහා අවශ්‍යය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම ගොවියෙකුටම එම පොහොර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය.
දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රු. 7500ක මූලික ගෙවීම ගෙවා නිම කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.