කාබනික පොහොර විප්ලවය ‘ආපස්සට හරවන්න දෙන්නෙ නෑ‘ – මුදල් ඇමති බැසිල්

ඇතැමුන් කාබනික පොහොර විප්ලවය ආපස්සට හැරවීමට උත්සාහා කළ ද රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රසායන පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශවයන්ගේ කූඨ ව්‍යාපෘතියේම කොටසක් බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමට සූදානම් බව අද (10) වෙබ් අඩවි කිහිපයක හා සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වුව ද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *