අම්පාර ගල්ඔය වැවිලි සමාගමේ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය පසුගිය ජූලි 29 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණයට ලක්විය.

ගල්ඔය වැවිලි සමාගම සතු උක් වගා බිම්වලට අවශ්‍ය සියලු කාබනික පොහොර නිෂ්පාදනය වෙමින් පවතින ආකාරය මෙහිදී අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය.
ගල්ඔය වැවිලි සමාගමේ කර්මාන්තශාලාවෙන් ඉවතලන සියලු අපද්‍රව්‍ය හා කොටස් 100%ක්ම ප්‍රායෝජනයට ගනිමින් වසරකට අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 7500ම එම සමාගම නිෂ්පාදනය කරනු ලැබේ. එසේ නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර 25Kgක් ගොවීන්ට රු.275ක සධාරණ මිලට ලබාදීම ද විශේෂත්වයකි.

කාබනික කොම්පෝස්ට් පොහොරොවලට අමතරව කාබනික දියර පොහොර, ජෛව පොහොර ඇතුළු ඉතා සාර්ථක නිෂ්පාදන රැසක් ගල්ඔය වැවිලි සමාගම නිෂ්පාදනය කරනු ලබන අතර දැනටමත් ඉතා සාර්ථකව කාබනික පොහොර භාවිතයෙන් ගල්ඔය වැවිලි සමාගම උක් වගාව සිදු කරමින් සිටී.
දැනට තම සමාගමට අයත් ගොවි ජනතාවට කාබනික පොහොර මෙසේ නිෂ්පාදනය කළත්, දිවයිනේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.එම්.ඩී. සුරත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

රසායනික පොහොර හා රසායනික දියර නොමැතිව වගාකළ නොහැකි බවට ගෙන යන දැවැන්ත ප්‍රචාරයට ගල්ඔය වැවිලි සමාගමේ මහා පරිමාණ කාබනික පොහොර වැඩසටහන මහත් ආදර්ශයක් ලෙස දැකිය හැකිය. ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ගල්ඔය වැවිලි සමාගම ක්‍රියාත්මක කරමින්, පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මයට ධනාත්මක ප්‍රවිෂ්ටයක් ගල්ඔය වැවිලි සමාගම මඟින් රටටම ලබාදී ඇති බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී හෙළිවිය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම නිරීක්ෂණයට එක්ව සිටියහ.