තිරසර කෘෂිකර්මාන්තයක් සදහා විද්වත් කමිටුවක සේවය ලබා ගැනීම සදහා කමිටුවක් පත් කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ (09) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනයේ සදහන් වන්නේ, ‘‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණින් වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ අයිතිය තහවුරු කිරීම සදහා දේශීය කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ අභියෝගය ජය ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ වන ආයතන විසින් කටයුතු කරමින් සිටී.
මෙම ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදු කිරීම සදහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීමටත්, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ලබා ගැනීම සදහාත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ පාරිසරික කෘෂිකර්මය පිළිබද මහාචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතාගේ සහභාගීත්වයෙන් අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි‘ යනුවෙනි.