
විදේශ රටවලින් ගෙන්වන බීජ වලින් කන්ද උඩරට ප්‍රදේශයවල බහුලව වැවෙන නෝකෝල් වගාවක් 100%ක් කාබනික ක්‍රමයට වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන ගොවීන් පිරිසක් මාතලේ නාවුල අරංගල යාය දී අපට හමුවූහ.
එකම පවුල්ක සහෝදරයන් සහෝදරියන් පිරිසක් එක්ව මෙම අත්හදා බැලීම් සිදු කොට තිබේ. ඔවුන් කණ්ඩායම මෙවර නෝකෝල් වගාව ආරම්භ කොට කොට ඇත. කාලයක් තිස්සේ රසායනික පොහොර, කෘමිනාශක ආදිය විශාල වශයෙන් යොදා වගා කරන බෝගයක් වන නෝකෝල් 100%ක් කාබනිකව වගාකර අත්හදා බැලීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
ඒ අනුව කිසිදු රසායනික ද්‍රව්‍යකින් තොරව 100%ක් දේශීය කාබනික පොහොර සහ කෘමිනාශක සියල්ල යොදාගෙන මෙම නෝකොල් වගා කොට තිබේ. ඒ අනුව මේ දිනවල එහි සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතී.
‘‘පිටරටින් ගෙන්වන බීජ වලින් 100%ක් කාබනික පොහොර හා කාබනික පළිබෝධනාශක භාවිතයෙන් නෝකෝල් වගා කළ හැකි බව තමක් ඔප්පු කළ බව‘‘ මෙම වගාවේ නියමු ගොවියා වන වයි.ජි. සෝමපාල මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් නෝකෝල් වගාව සඳහා කොහොඹ කොළ, කොහොඹ පොතු, නත්තසූරිය, තිත්ත කිද යොදාගෙන කෘමිනාශක සකසා ගත් බව ය.
ඉවතලන මාළු ඔළු, සීනි, යොදාගෙන දියර පොහොර සාදා ගත් බවත් සුදුලූනු, රතුලූනු, නිදිකුම්බා ආදී තවත් වර්ග කිහිපයක් යොදාගෙන තවත් දියර පොහොර සකසාගෙන තම වගාවට යෙදූ බව ද සෝමපාල මහතා එම පොහොර වර්ග පෙන්වමින් අප සමඟ පැවසීය.
මෙම වගා අත්හදා බැලීමට සහය ලබාදෙන ඊ. ජී. චන්ද්‍රවතී මහත්මිය කියා සිටියේ තමන් කාලයකත් සිට ගොවිතැන් කළේ උඩරට වැවෙන බෝග බවය. මෙම උඩරට ප්‍රදේශ වල වැවෙන බෝග සඳහා විශාල වශයෙන් කෘමිනාශක, වල්නාශක ආදී දියර පොහොර රසායනික පොහොර යෙදිය යුතු බව ඇය කීවාය. කෙසේ වෙතත් මෙවර එවැනි කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා වෙනදාට වඩා සාර්ථක අස්වැන්නක් නෝකෝල් වගාවේ පවතින බව පෙන්වා දුන්නාය.
මෙපමණ කාලයක් විශාල බොරුවකට රැවටී විශාල මුදලක් වියදම් කරමින් වස විෂ ගහලා වගා කරලා තියන බව මෙවර ඔප්පු කර පෙන්වන්න තමන්ට හැකිවූ බව ද ඇය කීවාය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්වී මෙම වගාවන් වල අස්වැන්නට නිසි මිලක් නිසි ඇගයීමක් ලැබෙන ක්‍රමයක් සැකසීමට සිදු කළ යුතුයි.

එමෙන්ම එස්. ඩබ්ලිව්. චුලා රාජපක්ෂ ගෙවිලිය අප සමග කියා සිටියේ රජය ගත් තීරණය අත්හදා බැලූ බවත් දේශීය කෘමිනාශක, ගොම පොහොර ආදී යොදාගෙන සාර්ථක එළවළු වගාව කළ හැකි බවට ඔප්පු කොට තිබෙන බවය.
එහෙත් සිදුව ඇත්තේ රසායනික පොහොර සහ කෘමිනාශක යොදා වගාකරන අනෙකුත් බෝග අස්වැන්න මිලදී ගන්නා මිලටම මෙම වස විස වලින් තොර කාබනික නෝකෝල් මිලදී ගැනීමට ව්‍යාපාරිකයින් යොමුවීමය.
‘‘ වසවිස නැති කාබනිකව වගා කළ අපේ නෝකොල් වලටත් නියම වෙන්නේ වසවිෂ දාලා වගා කරන නෝකොල්වල මිලමයි. වසවිෂ නැති මේ නෝකෝල් කිලෝවකට ලැබෙන්නේ රුපියල් විසි පහයි. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ වසවිෂ නැති කාබනික එළවළුවලට සාධාරණ මිලක් ලබා දෙන්න කියලයි‘‘ චූලා රාපක්ෂ ගෙවිලිය කීවාය.
ඉවතලන මාළු ඔළු, සීනි, යොදාගෙන දියර පොහොර සාදා ගත් බවත් සුදුලූනු, රතුලූනු, නිදිකුම්බා ආදී තවත් වර්ග කිහිපයක් යොදාගෙන තවත් දියර පොහොර සකසාගෙන තම වගාවට යෙදූ බව ද සෝමපාල මහතා එම පොහොර වර්ග පෙන්වමින් අප සමඟ පැවසීය.

‘‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්වී මෙම වගාවන් වල අස්වැන්නට නිසි මිලක්, නිසි ඇගයීමක් ලැබෙන ක්‍රමයක් සැකසීමට සිදු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් නැවත වරක් මෙම සාර්ථක අත්හදා බැලීම් සියල්ල අතහැර දමා ඉතා විශාල මුදලක් වියදම් කොට රසායනික වගාවට යොමු වීමට අපට සිදු වේවි‘ යැයි ද ඇය වැඩි දුරටත් පැවසුවාය.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල