රජයේ කාබනික පොහොර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික නිපුණතා සහිත විශේෂඥයන් තිදෙනකු බඳවා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර විශේෂඥ, ප්‍රසම්පාදන විශේෂඥ හා මූල්‍ය විශේෂඥ වශයෙන් තනතුරු තුනක් ඇතිකර මෙම තිදෙනා බඳවා ගැනෙනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ කාබනික පොහොර පිළිබඳ අධ්‍යක්ෂකවරයකු ලෙස හා අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ආචාර්ය ජේ ඩී එච් විජේවර්ධන මහතා කාබනික පොහොර විශේෂඥ ලෙස බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, නගර සැලසුම් හා ජල ජලසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ලෙස කටයුතු කළ එන්.ජේ පී ගුණසේකර මහතා කාබනික පොහොර ප්‍රසම්පාදන විශේෂඥ ලෙස පත් කිරීමට තීරණය කර තිබෙි.
මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු කෘෂි වාරි ව්‍යාපෘතියේ මුල්‍ය විශේෂඥ ලෙස කටයුතු කරන එස් එල් ටී බන්දුසිරි මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර ප්‍රසම්පාදන හා මුල්‍ය පරිපාලන කටයුතුවල මූල්‍ය විශේෂඥ වශයෙන් පත් කිරීමට ස වී ඇත
මේ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇත.