කාබනික පොහොර වගාව පිළිබඳව මුළු රටම කතා කරමින් සිටින අවධියක තවත් පිරිසක් රසායනික පොහොර ඉල්ලා අරගල කරති. බොහෝ දෙනා අතීතයේ ගොවිතැන් බත් කළ ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටිති.
තවත් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස කාබනික පොහොර සහ රසායනික පොහොර නැමැති සිද්ධීන් දෙක උපයෝගී කරගෙන බොර දියදියේ මාළු බාමින් දේශපාලනය කරති.
තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් ගමට ගොස් මෙම පොහොර වැඩේ හරියන්නෙ නැති බව පවසමින් ගොවි ජනතාව උදාසීන කරමින් සිටිති.
තවත් කණ්ඩායමක් පොහොර සහ බීජ වර්ග සියල්ල සඟවා ගෙන කළු කඩ මුදලාලිලා ලෙස හැසිරෙමින් අසරණ ගොවීන්ගේ තුට්ටු දෙකට තට්ටු කරමින් සිටිති.
තවත් පිරිසක් මේ සියල්ල දෙස බලා සිටිමින් සිදුවන්නේ කුමක්ද යන්න විමසිලි නෙතින් යුතුව සිටිති.
තවත් පිරිසක් වස විස නැති ආහාහාර ජනතාවට ලබා දීම සඳහා රජය ගත් මෙම ක්‍රියාවලිය අගය කරමින් කාබනික වගාව සඳහා යොමු වී සිටිති.
තවත් පිරිසක් රජය තීන්දු තීරණ ගන්නට පෙර සිටම තමන්ගේ වගකීම් රට වෙනුවෙන් තනිව ඉටු කරමින් සිටිති.

මේ සියලු දෙනා අතරේ දේශීය ලොකු ලූනු කාබනික වගාවට දිවයිනේ පළමු වතාවට හුරුකළ ගොවියෙකු සොයා මඩාටුගම මහවැලි ගම්මානයේ ගම්න් කරන්නට අප තීරණය කළෙමු.
ඒ වෙන කිසිවක් නිසා නොව මෙම ගොවීන් දෙදෙනාම ආහාර සුරක්ෂිතභාවයට මහත් වූ කැප කිරීමක් කරන නිසාවෙනි.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණ 100% කාබනික පොහොර යටතේ ලොකු ලූණු වගා කිරීම් සඳහා මඩාටඩාටුගම ප්‍රදේශ්යේ ගොවියෙකු වූ උත්සාහ දරමින් සිටියි.
දේශීය ලොකු ලූණූ සම්පූර්ණයෙන්ම රසායනික පොහොරවලින් වගා කෙරිණි. මීට වසර විසිපහකට තිහකට ඉහත සිට ලොකු ලූණු වගාව වගාව ආරම්භ කෙරිණි. ඒ මාතලේ දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කය ලොකු ලුණු වගාව සඳහා යොමුවී තිබේ.
ඒ අනුව රසායනික පොහොර කෘමිනාශක ද්‍රව්‍ය ආදීභාවිතා කර ගෙන ලොකු ලූණු වගාව සිදු කරන ලදී.

පසුගියදා සීගිරිය සහ අනෙකුත් ප්‍රදේශවල ගොවීන් දැඩි ලෙස කියා සිටියේ කාබනික පොහොර යොදා ගෙන දේශීය ලොකු ලූණු වගාව සිදු කිරීමට නොහැකි බවය. එනිසා රසායනික ද්‍රව්‍ය භාවිතයට ලොකු ළුණු වගාවට ඉඩ දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් ද කළහ. වගාවෙන් ඉවත්වන බවද ඔවුහු පැවසුහ.
එවැනි පරිසරයක ගල්කිරියාගම කුඩාඇලගමුව ප්‍රදේශයේ පදිංචි ජේ. එම්. කේ. වික්‍රමසිංහ ගොවි මහතා සාර්ථකව සියයට සියයක් කාබනික පොහොර යටතේ ලොකු ලූණු වගාව ආරම්භ කොට තිබේ.
මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයේ ලංකා ඉතිහාසයේ පළමු කාබනික දේශීය ලොකු ලූණු වගාව සොයා බැලීම සඳහා අප එහි ගියෙමු.
මෙම දේශීය ලොකු ලූනු ගොවියෝ වූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් දේශීය ලොකු ලූනු වගාවට අමතරවව කහ සහ ඉගුරු වගාව ද සියයට සියයක් කාබනික පොහොර යටතේ වගා කළ බවය.

අත්හදා බැලීමට සමග තම දේශීය ලොකු ලූණු වගා බිම් ලියදු හතරක් හැර අන් සියල්ල කාබනික පොහොර යටතේ වගා කළ බව සඳහන් කළේය. ලියදු හතරක් රසායනික පොහොර යොදාගෙන වගා කිරීම සිදු කරනු ලබන්නේ අත්හදා බැලීම සඳහා බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දැනට තම වගා බිම් ඉතා සාර්ථකව ලොකු ලුණුපැළ පවතින බවත් රසායනික පොහොර යොදා වගා කරන බිම්ට වඩා වෙන අලංකාර පෙනුමක් ලූණූ වගාව තුළ දක්නට තිබෙන බවත් තනකොල මර්දනය සඳහා තණකොළ ගලවා දැමීම සිදුකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.ෙ
ලොකු ලූනු වගාවේ බරපතළම ප්‍රශ්නය තණකොළ මර්දනය බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක් හෝ තණකොළ මර්දනයට යම්කිසි ද්‍රව්‍යයක් සොයා ගැනීම සිදු කළ යුතු බවද වික්‍රමසිංහ ගොවි මහතා පැවසීය.
එසේ නොමැති වුවහොත් විශාල ලොකු ලූණු වගාවන් වල තණකොළ ගැලවීම සඳහා විශාල මුදලක් වියදම් යන බවත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තමන් වස විස නැති වගාවට දැඩි කැමැත්තක් දක්වන නිසා වෙනත් රැකියාවක් සිදු කිරීමට අකමැත්තක් දක්වන නිසා මෙම කාබනික වගාවට දැන් සිටම හුරුවෙන බව කියා සිටියේය.
තමන්ගේ රසායනික පොහොර යොදා සිදුකරන ලියදි හතරකට වඩා වැඩි සාර්ථකත්වයක් දැනටමත් කාබනික ලොකු ලූණු වගාවේ පෙන්නුම් කරන නිසා මෙම කාබනික ලොකු ලූණු වගාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බවද දේශීය ලොකු ලූනු ගොවියා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රදේශයේ ගොවීන් නිතර නිතර දැනුවත් කරමින් දේශීය කාබනික පොහොර වගාවට යොමු කරවීම සඳහා මහවැලි අධිකාරියේ මඩාටුගම කාර්යාලයේ නිලධාරීහු දැඩි කැප කැපකිරීමක් සිදු කරන බව ද ගොවීන් පෙන්වා දෙති. ඒ අනුව සෑම ගෙවත්තකම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහාද නව වැඩ වැඩ ද නව වැඩපිළිවෙළක් කුඩාඇලගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇතැයි මහ මහවැලි නිල් නිලධාරීහු පවසති.
කාංචන කුමාර ආරියදාස – දඹුල්ල