වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග හතරක් නිර්දේශ කෙරේ

2021/22 මහ කන්නය සඳහා වී ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග හතරක් නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ඉන් පොහොර වර්ග දෙකක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට අවධානය යොමු වී ඇති බවත්, අනෙක්
පොහොර වර්ග දෙක ආනයනය කිරීමටත් කටයුතු කර ඇති බවයි.

ආනයනය කරන්නේ කාබනික පොහොර පමණක් වන බවත්, එය ජාත්‍යන්තර ලංසු කැඳවීමත් හරහා සිදු න බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර සියල්ල මේ වනවිටත් සකස් කරමින් සිටින බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව ඔක්තෝම්බර් මුල වනවිට ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *