එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කළ අමාත්‍යවරයා කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරිදීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
2021/2022 මහා සමය සඳහා හෙක්ටයාර් 800,000 ක් පමණ වී වගා කිරීම සඳහා කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව, ප්‍රධාන වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ගොවීන් යොමු කිරීමටත්, බලපත්‍රලාභී නිෂ්පාදකයින් විසින් නිපදවන කාබනික පොහොර ප්‍රමාණය වැඩි කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.