‘2021/22 මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට‘ අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2021/22 මහ කන්නය සදහා කාබනික පොහොර, ස්වභාවික ඛනිජ සහ කීලේටඩ් අංශ්‍ර මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ (09) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ,

‘‘දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරා ගත නොහැකි 2021/22 මහ කන්නය සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණය තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආනයනය කිරීම සදහා 2021/05/31 වැනි දින අනුමැතිය ලබා දෙන ලදි. ඒ අනුව ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත අවශ්‍ය පොහොර තොග සැපයීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි‘‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *