දඹුල්ලේ ලොකු ලූනු අස්වැන්න නෙළීම ඇරඹෙයි !

දේශීය ලොකු ලූනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇත. දඹුල්ල,  ගලේවෙල, සීගිරිය, නවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම, ආදී  ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ.

මේ දිනවල සීගිරිය ප්‍රදේශයේ වැඩි වශයෙන් ලොකු ළුණු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති.

තමන්ගේ අස්වැන්න සඳහාමේ දිනවල රුපියල් 70-80ත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී නොගෙන වෙළඳපොළේ ඇති පාකිස්ථානයෙන් සහ  ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කිලෝවක්  රුපියල් 50 සිට 65 දක්වා වූ මිලට අලෙවි කරන ලූනු මිලදී ගන්නා බව ගොවීහු පවසති.

විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් සඳහා රජය  ශත 25ක බද්ද මේ වන විට අයක කිරීම නිසා වෙළඳපොළේ විදේශීය ලොකු ලුණු අඩු මිලට පවතිම නිසා  දේශීය ලොකුළ ලූනු ගොවියාට සාධාරණ මිලක් අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.

දේශීය ලොකු ලූනු ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් දේශීය ගොවියා පිළිබඳව අවධානය යොමු කොට විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ය.

දඹුල්ලේ ලොකු ලූනු අස්වනු නෙළීමේ සුන්දර අවස්ථාවන් ඡායාරූප ඇසින් ඔබ දැන් දැකබලා ගත හැකියි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *