කාබනික ගොවිතැන‘‘ දැන් ලංකාවේ උණසුම්ම මාතෘතාවක්. ආණ්ඩුව – විපක්ෂය දෙපිළකට බෙදී වාද කළත්, විද්වතුන් හා වෘත්තිකයෝ වාද විවාද කළත් ගොවීන් මේ වාද විවාද වල නැහැ. ඒ වගේම මේ විවාද වලදී ගෝලීය ප්රවණතා ගැනත් නිවැරදිව සදහන් වෙන්නේ නැහැ.
මේ තත්ත්වය තුළ අපක්ෂපාතී, තොරතුරු වලට පමණක් පක්ෂපාතී අප තීරණය කළා ලෝකයේ කාබනික ගොවිතැනට මුලින්ම ප්‍රවේශ වුණ බව කියන අපේම අසල්වැසි භූතානය ගැන ඔබට සුන්දර ඡායාරූප පෙළක් ඉදිරිපත් කරන්න.
මේ ඡායාරූප වාර්තාව ප්‍රකාශයට පත් වුණේ 17 August 2013 වැනිදා. බී.බී.සී වෙබ් අඩවියේ. වසර 08ක් ගත වුණත් මේ ඡායාරූප අද අපට සුවිශේෂ කතාවක් කියනවා. මේ ඒ අපූරු ඡායාරූප කතාව. මෙය සම්පාදනය කළේ සහ ඡායාරූප ලබා ගෙන තිබෙන්නේ නාසස් ඇෆ්රොස් නම් ඡායාරූප මාධ්‍යවේදියා විසින්.
ඉන්දියාව සහ චීනය අතර පිහිටි සුන්දර හිමාලයානු රාජධානියේ, භූතානයේ කෘෂිකාර්මික ක්රමයේ විශාල වෙනස්කම් සිදුවෙමින් පවතී.










ඡායාරූප උපුටා ගැනීම – 17 August 2013 – BBC