රට තුළ ඉතා පහසුවෙන් සහ ඵලදායී ලෙස වගා කළ හැකි කෘෂිකාර්මික බෝග 16ක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගැනීම අභියෝගාත්මක මෙන්ම දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වුණා.
දහසකුත් එකක් විවේචන හා චෝදනා මැද එදා ගත් ඒ ඓතිහාසික තීන්දුවේ ප්‍රතිඵල දැන් අපේ ඇස් පනාපිට ලබමින් තිබෙනවා.
මේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල, විල්ගම ආදි ප්‍රදේශවල මුං ඇට අස්වැන්න මේ දිනවල නෙළමින් තිබෙනවා. දැඩි අවුරශ්මිය හමුවේ තම අස්වැන්න නිසි පරිදි වේලා ගැනීමට ගොවීන් යුහුසුළු වන අයුරු පසුගිය දා එහි සංචාරය කළ අපට දැක ගැනීමට හැකි වුණා.
මෙවර මුංඇට ගොවීන් ඉතිහාසයේ ලැබූ ඉහළම මිල ලබා තිබෙනවා. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුං බීජ කිලෝවක් රුපියල් 760-780ක් වැනි වාර්තා ගත මිලකට මිලදී ගැනීම නිසයි.
වැඩි වශයෙන් මෙවර මුං ඇට වගා කර ඇති වීල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලේඩියන්ගල ඉහළ කොටසේ පදිංචි මුං ගොවියෙකු වූ සරත් ඒකනායක මහතා තම සතුට මෙසේ පළ කළේයි,
“අපේ බොහෝ දෙනෙක් වසර ගණනාවක් ඉඳලා මුං ඇට වගා කරනවා. හැබැයි මේ වගේ මිලකට ජීවිතේ පළවෙනි වතාවට තමයි විකුණන්නේ. අපි මුං ඇට බීජවලට දෙන නිසා තමයි හොඳ මිලක් හම්බ වෙන්නේ. හැබැයි වෙළඳපොළේ මුං ඇට ආහාරයට ගන්න අයට රුපියල් 500කට වගේ ගන්න පුළුවන්. අපි කෘෂිකර්ම දෙපාර්දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා තමයි මේ වගාව කරන්නේ.”
“ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා දේශීය වගා කරන ආහාර පිටරටින් ගෙන්වන එක නවත්තලා අපටම වගා කරන්න දීපු එක ගැන. ඒ නිසාත් තමයි අපට මේ ටික වගා කරන්න පුළුවන් වුණේ. ඒ වගේම අපේ බීජ අරගෙන ගිහිල්ලා ලංකාව පුරා මුං වගා කරන්න පුළුවන් වෙනවා.”
මේ ලග්ගල සහ විල්ගමුවේ මුං ගොවීන්ගේ ඒ සතුටු මුහුණු වල ඡායාරූප කතාව.





මුං වගා කරන ගෙවිලියක වූ ඒ. ජී .කුසුමාවති මහත්මිය.
“අපිට කුඹුරු නැහැ. අපි හේන් වල මුං ඇට, කව්පි, උඳු වගේ දේවල් කාලයක් තිස්සේ වගා කර ගන්නවා. අහස් දියෙන් වගේම වතුර ගහලා වගා කරනවා. මේ සැරෙත් අපි නංගිගේ කුඹුරු සහ හේන ඉල්ලගෙන මුං වගා කළා. හැබැයි අපි තාම විකුණුවේ නැහැ. ආරංචියි නම් තියෙනවා රු.600 ඉක්මවලා මිලදී ගන්නවා කියලා. අපි කවදාවත් එවැනි මිලකට මුංඇට විකුණලා නෑ”
“අපි මේ සැරේ හරිම සතුටෙන් ඉන්නේ, මොකද වන අලින්ගෙන් සතුන්ගෙන් බේරගෙන තමයි වගාව සිද්ධ කළේ. මේ සැරේ පොහොර රසායනික ද්‍රව්‍ය මොනවත් තිබුණෙ නැහැ. ඒ නිසා අස්වැන්න ටිකක් අඩුයි. හැබැයි අස්වැන්න අඩු වුණාට කමක් නෑ මිල තියෙනවා. අපේ ජනාධිපතිතුමාට තමයි ගොඩක් ස්තුතිවන්ත වෙන්නෙ මේ වගේ මිල අපිට ලබාදීම ගැන.

