අලි – මිනිස් ගැටුමට ගැළපෙන විසඳුම් රජයේ ගිනුම් කාරක සභා වාර්තාව කියයි

අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස එක් එක් ප්‍රදේශ වලට ගැලපෙන ආකාරයට මිශ්‍ර යෝජනා සහිත මතය අනුගමනය කිරීමේ හැකියාවක් පවතින බව රජයේ ගිනුම් කාරක සභා වර්තාවේ සඳහන් වේ.

රජයේ ගිනුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා විසින් මෙම වාර්තාව අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 ප්‍රකාරව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

මෙම වාර්තාවට කාරක සභාව විසින් සිදු කරන ලද විමර්ශන 16 ක තොරතුරු ඇතුළත් බව එය ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය.

රටේ පොදු ජනතාවගේ විශේෂ සාකච්ජාවට ලක් වූ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ වර්තමාන තත්ත්වය සහ අලි මිනිස් ගැටුම වැනි කාලීන ගැටලු පිළිබඳවද මෙම වාර්තාවේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

වෛද්‍ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ගම වටා වැට ඉදි කිරීමේ ක්‍රමය වියදම් අවම දැනට සාර්ථකත්වයක්  ලබා ඇති ක්‍රමයක් බවත්, මෙම වැට නඩත්තුව සඳහා ගම්මුන්ගේ මූල්‍ය දායකත්වය ලබා ගැනීමේ වැදගත්කමක් මෙම වාර්තාවෙන් අවධාරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *