දේශීය කිරි ගොවියා, හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. “කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා නිලධාරීන්ගේ කැපවීම මත ඉකුත් වසරක කාලය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් එයින් අපිට සෑහිමකට පත් වෙන්න බෑ. විශේෂයෙන් කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කීරිම හා ජාතික කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීමේ කටයුතු ඉදිරි තෙමස තුළ නිම කරන්න ඕනෑ. එමෙන්ම 2024 වන විට මෙරටට බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රට තුළ නිපදවා ගැනීමටත්, කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු කරන්න ඕනෑ. බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයතු කීරීම අපි සියලු දෙනාගේ වගකීමක්‘ බව ද අමාත්‍යවරයා කීවේය.
වියළි මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර අල, ලූණු ආනයනය 35% ක් දක්වා අඩු කර ගැනීමටත්, මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට අයත් ආයතනවලට අදාළ යල් පැනගිය අණපනත් නැවත සංශෝධනය කර, යාවත්කාලීන කිරිම කඩිනම් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එළවළු ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය අවම කර ගැනීම හා අතරමැදියන්ගේ අයුතු ඉපයීම් නතර කර ගොවියාට සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් ගෙවා, ඒවා දුම්රියෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරිමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධානයට යොමු විය.
පොස්පේට් සමාගමද සිය නිෂ්පාදන ධාරිතාවය මෙ.ටොන් 4000 සිට 7000 දක්වා වර්ධනය කර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ජේ.එම්.උදිත් කේ. ජයසිංහ මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටුව එහි කටයුතු බොහොමයක් නිම කර ඇති බවයි. ඉදිරි සති කිහිපය තුළ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි.
රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අලුත් වැඩපිළිවෙළක් යටතේ ඒ ඒ ආයතන ඔවුන්ගේ කටයුතු සැලසුම් කරගෙන යන බවත් ඉදිරි තෙමස තුළ ඒ සෑම ආයතනයකම සැලකිය යුතු ප්‍රගතියක් දැක ගැනීමට හැකිවනු ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.