දියර කිරි නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීමට නව වැඩපිළිවෙළක් දියත් වෙයි

දියර කිරි නිෂ්පාදන ඉලක්කය සපුරා ගැනීමට ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් කිරිගව ගොවිපළ සඳහා දේශීය ආයෝජකයන්ට ලබා දීමේ තීරණයක

රජයට අයත්ව ඇති හා රාජ්‍ය ආයතන යටතේ ඇති ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් කිරිගව ගොවිපොළ සංවර්ධනයට යොදා ගැනීම සඳහා දේශීය ආයෝජකයන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ.  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ ඉල්ලීමකට අනුව රජය මෙම තීරණයට එළඹ ඇත.

රජය ගෙන ඇති මෙම තීරණය අප්‍රමාදව ක්‍රියාත්මක කීරිමට පියවර ගන්නැයි ඉඩම් අමාත්‍යාංශයෙන් හා රජයේ ඉඩම් පිළිබඳ වගකීමක් ඇති රාජ්‍ය ආයතන ප්‍රධානින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (22) සවස පැවැති මහ පරිමාණ කිරි ගොවිපළ පිහිටු වීම සඳහා වූ සාකචිඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්මගේ මහතා, “අපි රජයක් විදියට මෙරට නිපදවිය හැකි සියලු දේ පිටරටින් ආනයනය කීරිම නතර කර ⁣මෙරට තුළ නිපදවා ගැනීමට ප්‍රතිපත්ති තීරණයක් අර ගෙන තිබෙනවා. ඒ අනුව ආනයනය කරන කිරිපිටි වෙනුවට මෙරට ජනතාව අතර දියරකිරි ප්‍රචලිත කර ජනතාව ගේ ඉල්ලුමට සාපේක්ෂව දියර කිරි නිපදවීමේ ඉලක්කයක් සැලසුම් කර තිබෙනවා. එකී ඉලක්කය පරිදි 2024 වන විට අවම වශයෙන් දියර කිරි අවශ්‍යතාවයෙන් 70%ක් මෙරට නිෂ්පාදනය කරන්න ඕන. ඒ සඳහා මහ පරිමාණ කිරි ගොවිපළවල් පහක් ආරම්භ කරන්න දේශීය ආයෝජකයෝ සොයා ගෙන ඔවුන්ට රජයේ ඉඩම් අක්කර 2171 ක් තිස්තුන් අවුරුදු බදු පදනම යටතේ ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. ඔවුන් කිරිගවයින් 4200 ක් ආනයනය කර මෙරට කිරිගව සම්පත ප්‍රවර්ධනය කීරිමට අපේක්ෂා කරනවා.මෙවැනි මහ පරිමාණයේ කිරිගව ගොවිපළවල් තවත් ආරම්භ කරන්න ඕන. කිරි ගවයින් 15,000ක් ආනයනය කර අලුතින් මහ පරිමාණ කිරිගව ගොවිපළවල් ආරම්භ කරන්න අපි කටයුතු කර ගෙන යනවා. ඒ සදහා ආයෝජකයන්ට ඉඩම් අවශ්‍යයි. මහවැලි,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, ජනවසම, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඇතුළු රජයේ ඉඩම් පිළිබද කටයුතු කරන සියලු ආයතනවලට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් හදුනා ගෙන ඒවා කිරිගව ගොවිපළ සදහා නිදහස් කිරිමට රජය තීරණය කර තිබෙන නිසා එම   තීරණය කර තිබෙන නිසා එම තීරණය කඩිනම් කරන්න‘ යැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

දැනටමත් මහ පරිමාණයෙන් කිරිගව ගොවිපල ආරම්භ කීරිමට අපේක්ෂා කරන ආයෝජකයින් සමග රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරු, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මහවැලි අධිකාරිය, ජනවසම,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ඉඩම් අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය,අතුළු ආයතන රැසක ප්‍රධානින් මේ සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

 H.B.K.L.R.International investment/Access Agro(pvt)Ltd ආයතනය කිරිගවයින් 1000ක් ආනයනය කිරිමටත් ඔවුන්ට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය ගොවිපලෙන් අක්කර 700 ක් ලබා දිමට පියවර ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය. 

Farm’s Prid (Pvt)Ltd සමාගම කිරිගවයින් 1200 ක් ආනයනය කරන බවත් ඔවුන්ට ඔවුන්ට ජනවසමට අයත් අක්කර 811ක් ලබා දිමටත්, Hillside Agro (Pvt)Ltd ආයතනය කිරිගවයින් 1000 ක් ආනයනය කරන බවත් ඔවුන්ට ජනවසමට අයත් අක්කර 350ක් ලබා දිමටත්, Gamma Pizzakraft Lanka(Pvt) Ltd ආයතනය කිරිගවයින් 500ක් ආනයනය කරන බවත් ඔවුන්ට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කොට්ටුකච්චිය ගොවිපලෙන් ඉඩම් අක්කර 250ක් ලබා දිමටත්, Pesara Logistics (Pvt) Ltd ආයතනය කිරිගවයින් 500ක් ආනයනය කරන බවත් ඔවුන්ට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය ගොවිපලෙන් අක්කර 60ක් ලබා දීමටත්, පියවර ගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

මීට අමතරව Rothes Dairies,Malwattavally Plantation හා Ruby Dairy යන සමාගම්ද මහ පරිමාණ කිරිගව ගොවිපල ආරම්භ කිරිම සදහා කැමත්ත පල කර ඉඩම් අපේක්ෂාවෙන් සිටින බැවින් නොවැම්බර් මස අවසානයට පෙර ඔවුන්ට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *