කිරි නිෂ්පාදනය සහ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි හරකෙක්, එළුවෙක්, කුකුල් පැටවු කිහිප දෙනෙක් හා ජීව වායු ඒකකයක් සහිත ගොවි නිවාස සංකල්පයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.
2022 කිරි සංග්‍රාමය ජය ගැනීමේ අරමුණින් වාරිමාර්ග අමාත්‍යංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශය, සහ මහවැලි රාජ්‍ය අමාත්‍යංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහවැලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙම වැඩපිළිවෙළ යටතේ මහවැලි කලාපය විශේෂ කිරි නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම ඇතුලු නව යෝජනා හතක් ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය කෙරිණ. පශු සම්පත් කටයුතු උදෙසා මහවැලි රාජ්‍ය අමාත්‍යංශය 2022 වසර සඳහා රු. මි. 133 ක්ද කුකුළු පාලනය සඳහා රු. මි. 68 ක් ද වෙන් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ මහවැලි කලාපයේ දියර කිරි අස්වැන්න කිරි ලීටර් මිලියන 28 සිට මිලියන 41 දක්වා ඉහළ නංවාගෙන ඇත. 2022 තුළ මහවැලි කලාපයේ සියලුම සමෘද්ධි ලාභී පවුල් කිරි නිෂ්පාදන ක්‍රියාවලියට යොමුකරවන ලෙසත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
පසුගිය වසර තුල ගොවිපොළ 834 ක්, සංවර්ධනය කර ඇති අතර තරුණ වගා නියමු ව්‍යාපෘති ලෙස අක්කර 1/4 ඉඩම් 152 ක් තෘණ වගාව වෙත යොමුකර තිබේ.
මහවැලි කලාපය තුල කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 472 ක් පවතින අතර ඒවායේ එකතු වන කිරි ප්‍රමාණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදි දීර්ග වශයෙන් සාකච්ඡා කෙරිණ. කිරි ගොවි කර්මාන්තයට අවශ්‍ය ඉඩම් නිසි අධීක්ෂණයක් යටතේ මුදා හැරීමටද මෙහිදී එකඟත්වය පල විය.
කොළඹට දියර කිරි බෙදා හැරීමට ජංගම අලෙවි රථ දෙක බැගින් යෙදවීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා මිල්කෝ ආයතනයට උපදෙස් දුන් බවත්, මහවැලි කලාපය තුලද එසේ ජංගම අලෙවි රථ යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මෙහිදී පැවසීය.
නිසිවේලාවට කෘතීම සිංචනය කරවීමේ ගැටලුවට විසඳුමක් ලෙස කලාපයේ ගොවිපවුල් වලින් තෝරා ගත තරුණයින් ඊට පුරුදු කරවීමේ වගකීම ජාතික සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව වෙත පැවරිමට තීරණය කෙරිණ.