මොණරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්පසුගිය (24) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ගම සමග පිළිසදරක්” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම් අනුව සකස් කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක බවත්, හදුනාගත් තවත් ඉල්ලීම් ගණනාවක් ප්‍රධාන ව්‍යෘපෘති සදහා ඇතළත් කර ඇති බවත් මෙම සාකච්ඡාවේදී සදහන් විය.
මේ අනුව මොණරාගල දිස්ත්‍රික් ජනතාවර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සියලුම ගැටලු සහ ජනතාවගේ සුබ සාධනය සදහා රජයේ පරිපාලන අංශ විසින් හදුනාගත් පොදු ගැටලු සදහා ඉදිරියේදී ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති හරහා විසදුම් ලබා දිය හැකි බව මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
අද දින සාකච්ඡාවට ගත් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන්

සංවර්ධන ව්‍යාපෘතියක් සැළසුම් කිරීමේදී ප්‍රදේශයේ ජනතාව හා ස්වෙච්ඡා සංවිධාන සමග සාකච්ඡා කර අවසාන තීරණයකට එළැඹිය යුතු බවත්, එහි වැදගත්කම ද අදාළ අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් වෙත අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදි.
ජනතාවට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ගොවිතැනට ජලය නොමැති වීම පිළිබදව ගොවි සංවිධාන විරෝධතා දැක්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්තරා පානීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී ගොවිතැන සදහා ජලය නොමැති බව ගොවි සංවිධාන පෙන්වා දීමෙන් අනතුරුව ඒ සදහා පිළියම් යෙදීමට හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වර්තමාන රජය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන් ජනතාවගේ සුබ සාධනය සදහා ක්‍රියාත්මක බවත්, කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන පරිදි සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය කළ යුතු බවත් අවධාරණය කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී ජාතික වශයෙන් මැදිහත්වීමක් අවශ්‍ය නම් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය නිරන්තරයෙන් ඒ සදහා සහාය දෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ බලාපොරොත්තුව වෙන්නෙ මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ජනතාව වෙත පැවරීමයි. විදේශ ණය හා ආධාර යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ජනතාව වෙත පැවරීමෙන් ලැබෙන ප්‍රතිලාභ කඩිනමින් ඔවුන්ට දායාද කිරීම අපේ වගකීමක්. සෑම ක්ෂේත්‍රයකම තමන්ගේ දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරන ලෙස මම දිසාපතිතුමා ඇතුලු සියලු නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.