වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහනින් මාස 07ට වැව් අමුණු 1400ක් පිළිසකර වැඩ අරඹයි

ඉතිහාසයේ පළමු වරට එක්වර ග‍්‍රාමීය වැව්ල අමුණු සහ වාරි ඇල මාර්ග 5000ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මධ්‍ය කාලීන ආයෝජන වැඩසටහනක් ලෙස වාරිමාර්ග අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන ‘වාරි සෞභාග්‍යා” ජාතික වාරි ප‍්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 07ක් ඇතුළත ග‍්‍රාමීය වැව් සහ අමුණු 1400ක ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇත.

ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය වෙත 2021 අයවැය යෝජනා මගින් වෙන් කරන ලද ප‍්‍රතිපාදන වලින් රුපියල් මිලියන 1280ක් අත්තිකාරම් ලෙස දෙමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති වැව් අමුණු 1400ක් අතරට ග‍්‍රාමීය වැව් 1200ක් ද, ග‍්‍රාමීය අමුණු සහ වාරි ඇල මාර්ග 200ක් ද ඇතුළත්ය. මෙම වසරේ පෙබරවාරි 05 දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‘වාරි සෞභාග්‍යා” ජාතික වාරි පුනරුත්ථාපන මෙහෙයුම ආරම්භ කළ අතරල 2019 ජනාධිපතිවරණ ජයග‍්‍රහනයත් සමග වාරිමාර්ග අමාත්‍ය ධුරයට පත් වූ චමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම ‘වාරි සෞභාග්‍යා” ජාතික වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය සදහා රජයේ අවධානය යොමු කරවන ලදී.

රටේ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය සදහා කෘෂිකාර්මික යටිතල පහසුකම් අතර, වාරි ජලය ප‍්‍රධාන සාධකයක් වන අතරම, නිසි නඩත්තුවක් සහ අවධානයක් යොමු නොකිරීම නිසා ග‍්‍රාමීය වැව් පද්ධතියේ සිදුවූ දැවැන්ත පරිහානිය තුළ කුඹුරු අක්කර ලක්‍ෂ 5ක පමණ දෙකන්නය වගා කිරීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය මත සියලුම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි ගොවි සංවිධාන සහ ගොවි ජනතාවගේ ප‍්‍රමුඛතා සැලකිල්ලට ගෙන ‘වාරී සෞභාග්‍යා” ජාතික වාරි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ වැව් අමුණු සහ වාරි ඇල මාර්ග 5000ක් තෝරා ගනිමින් සිටින අතර, දැනට ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති වැව් අමුණු 1400ට අමතරව ඉදිරි තෙවසර තුළ යෝජිත 5000 ඉලක්කය සපුරාලීමට ද කටයුතු යොදා තිබෙන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු අයිවන් සිල්වා මහතා පවසයි.

මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේ දී රාජ්‍ය ආයතන සදහා ප‍්‍රමුඛත්වය දී තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාරිතමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, ඉදිකිරීම් සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශය, රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් නීතිගත සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ සංවිධානය ඇතුඵ රාජ්‍ය ආයතන දැනටත් දිස්ත‍්‍රික් මට්ටමෙන් මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු වල යෙදී සිටියි.

ග‍්‍රාමීය වැව්ල අමුණු සහ ඇල මාර්ග ප‍්‍රතිසංස්කරණ ජාතික මෙහෙයුමට සමගාමීව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ දැනට ක‍්‍රියාත්මක බහු කාර්ය යෝජනා ක‍්‍රම රැසකම සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කොට ඉදිරි කාලය තුළ ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *