වයඹ ඇළ සහ දැදුරු ඔය වාරි සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින භූමි ප්‍රදේශ මහවැලි විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය
මහා පරිමාණ වානිජ කිරි ගොවිපොළ පිහිටුවීම සදහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉඩම් ලබාදීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්මගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සහ වයඹ ඇළ සහ දැදුරු ඔය වාරි සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින භූමි ප්‍රදේශ මහවැලි විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය 06 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවලට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (07) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
පසුගිය 06 වැනි දින අනුමැතිය හිමිවූ අමාත්‍ය මණ්ඩල තීරණ සම්පූර්ණයෙන් පහත පළ වේ.
\



