ඉඳුල් හා අප ජලය උපයෝගී කරගෙන සාර්ථකව වගා බිම්ක් මෙන්ම කාබනික පොහොර නිපදවන අපූරු වැවිලිකරුවෙකු මාතලේ මහවෙල රතලවැව ප්‍රදේශයේ දී අපට හමු විය. ඔහු නමින් පුෂ්පකුමාර ගමගේ නම් වෙයි.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වසර නවයක කාලයක සිට දැඩි උත්සාහයක නිරත වෙමින් එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සිදු වන අවස්ථාවේ දී කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ඉඳුල් අපද්‍රව්‍ය ආදී රැගෙන ඒම දැඩි බාධාවක් පවතින්නේ මහවෙල පොලිසිය දිනපතා මග රැක සිට අසුචි හා ගලි බව්සර් අත්අඩංගුවට ගැනීම නිසා බව ඔහු කියයි.
මාතලේ මහවෙල රතලවැව ප්‍රදේශයේ අති දුෂ්කර කඳුකර වූ අක්කර 33ක පමණ විශාල භූමියක ඒ මහතා මේ වන විටත් ඉතා සාර්ථක කුළුබඩු වගා කිරීම මෙන් ම කාබනික පොහොර ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ.
මහා විශාල කර්මාන්ත ශාලාවල ඉවත් කරන ඉඳුල් ජලය මෙන්ම ගලි බවුසර් මෙන්ම කුකුළන් ඌරන් හරකුන්ගේ මළ මුත්‍රා ආදී දේ මිලට ගෙන ඒවා උපයෝගී කරගෙන මෙම පොහොර නිෂ්පාදනය සිදුක කිරීම පුෂ්ප කුමාර ගමගේ මහතා විසින් සිදුකරමින් සිටියි.
තම වගා බිමේ වැඩි ප්‍රමාණයක් වෙන්කොට ඇත්තේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා බව ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම මහ පොළොව හාරා එහි වළවල් එකිනෙක සක්සමින් පියවරෙන් පියවර අප ද්‍රවය පොහොර බවට පත්කරමින් තම ඉඩමේ සරුසාර වූ වගාවන් රැසක් සිදු කිරීමට තමන්ට හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙරට කාබනික පොහොර වලට හුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් උත්සාහය පිළිබඳව ද ඒ මහතා සිය ස්තුතිය පළ කරමින් කියා සිටියේ තමන් වසර නමයකට එහා සිට මෙම වගා බිම් කාබනික පොහොර නිපදවීම ආරම්භ කළ බවයි.
මෙම පොහොර නිෂ්පාදනය සිදු කරමින් තමන් සේවකයන් 12 දෙනෙකුට රැකියා ලබාදී තිබෙන බවද පෙන්වා දෙන ඒ මහතා තමන්ගේ පොහොර නිෂ්පාදනයට බරපතළම බාධාව ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බවත් කියා සිටී. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව ලබා ලබා ගැනීම සඳහා වසර ගණනාවක් ගත විය ද ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පසුබෑමක් ක්‍රියාත්මක බව ද පෙන්වා දෙයි
පොහොරොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ඉඳුල් ජලය අපද්‍රව්‍ය ආදී ගලි බවුසර් ප්‍රවාහනය කරමින් තිබියදී මහවෙල පොලීසිය මගින් ඒවා දිනපතා අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවටද චෝදනා කරන්නට විය.
පොලිසියේ බොහෝ නිලධාරින් මෙම ගොවිපළට පැමිණ ඉතා සතුටු වී යන බවත් ස්ථානාධිපතිවරයා පුද්ගලිකව මේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවටද ඒ මහතා චෝදනා කළේය .
රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම තමා කරන වරදක් දැයි ඒ මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටී. නීති විරෝධී ක්‍රියාවලියක් සිදු වන්නේ නම් ඒ සඳහා ඕනෑම දඬුවම් විඳීමට හැකි බවත් එහෙත් මෙරට බරපතළම ප්‍රශ්නය වන කැලිකසළ උපයෝගී කරගෙන සිදු කිරීමට යන මෙම ක්‍රියාවලිය පිළිබඳව වහාම අවධානය යොමු කොට මේ පිළිබඳව සොයා බලා සාධාරණය ඉටු කර දෙන්නැයි තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේගෙන් ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.
තමන්ට මෙම පොහොර නිෂ්පාදනය සාර්ථක වුවහොත් රැකියා 100කට අධික ප්‍රමාණයක් ලබාදිය බවත් එමෙන්ම බෝහෝ ප්‍රදේශයකට අවශ්‍ය කාබනික පොහොර වගාවන් සඳහා ලබා දිය හැකි බව ද පුෂ්ප කුමාර ගමගේ මහතා පෙන්වා දෙයි.
තම කඳු සහිත අක්කර 33ක ඉඩම මේ වන විට ඉතා සාර්ථකව කොම්පෝස්ට් පොහොරවලින් කුරුඳු ගම්මිරිස් ආදී කුළුබඩු සහිත වගාවන් ආරම්භ කොට තිබෙන බවත් ඇතැම් වගාවන් හි මෙ වන විට අස්වැන්න පවා ලැබෙමින් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙවැනි සාර්ථක ව්‍යාපෘතියක් විනාශ කර දැමීමට රාජ්‍ය නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස බහුජාතික සමාගම්වල අවශ්‍යතා පරිදි ක්‍රියාත්මක කරන බවට ද පුෂ්පකුමාර ගමගේ මහතා චෝදනා කරයි.
දිගිගින් දිගටම පොලිසිය යොදවා මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය විනශ කිරීම සිදු වන බවට පුෂ්පකුමාර ගමගේ මහතා කළ චෝදනාව අප මහවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේන නවගමුව මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම පොහොර නිෂ්පාදනය සඳහා ගමගේ මහතාට කිසිදු නීතිමය බලයක් නොමැති බවය. පරිසර අධිකාරියෙන් හෝ වෙනත් කිසිම තැනකින් අවශ්‍ය නිතිමය ලියවිල්ලක් නොමැති නිසා මෙම බාධාවන් එල්ල වන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස