අනුරාධපුරේ ගම්වලට හිරු එළියෙන් ක්‍රියාකරන අලි වැටක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිලෝමීටර 482.2 ක විදුලි අලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අලිවැට දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් ආවරණය වන පරිදි මෙම වසරේදී ඉදිකිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ මෙම අලිවැට සම්බන්ධයෙන් අනුරාධපුරයේ පැවති සාකච්ඡාවකදීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවමත් අලි වැට ඉදි නොකළ කිලෝ මීටර 1000ක් පමණ ඇති බවත් එම ගම්මානයන්ට නිරන්තරයෙන් වන අලින් කඩා වැදීම සිදුවන බවත් දුමින්ද දිසානායක මහතා කීවේය.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවමත් ස්ථිරව අලි වැට ඉදි නොවු කිලෝ මීටර 482.2 ක මෙම විදුලි වැට ඉදි කිරීමට නියමිත බව කී දිසානායක මහතා එම විදුලි වැට අනුරාධපුර වනජීවි කළාපයේ පලුගස්වැව, නාච්චාදූව, ඉපලෝගම, මහවිලච්චිය, නොච්චියාගම, ගලෙන්බිදුණුවැව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ගම්මාන කීපයක් ආවරණය වන පරිදී ඉදි කිරීමට නියමිත බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *