ඉහළ අස්වැන්නක් ලැබුණත් ‘කරුවලගස්වැව කැකිරි ගොවීන්ට‘ නිසි මිලක් නෑ

කැකිරි අස්වැනන් නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකිව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක වගාකරුවෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙළුම්ගම ගොවි ජනතාවටයි.

මේ දිනවලදී කැකිරි කිලෝව රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුහු පවසති..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙළුම්ගම කැකිරි වගාකරුවකු වන ඊ.එම්. කළුබණ්ඩා මහතා මෙසේ පැවසුවේය, ‘‘මේ කන්නයේ මම අක්කර 2කට ආසන්න භුමි ප්‍රමාණයක කැකිරි වගා කළා. ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය වුණා. වෙනත් කන්නවලට වඩා මෙවර වැඩි කැකිරි අස්වැන්නක් ලැබුණා. නමුත් මේ වන විට කැකිරි කිලෝ 5000කට වැඩි ප්‍රමාණයක් වගාව තුළම විනාශ වෙමින් තිබෙනවා. කැකිරිවලට නිසි මිලක් නැහැ. අපි මේවා වගා කළේ සල්ලි වියදම් කරලා වගේම දවල් රෑ දුක් විදලා. නින්දක් නැතිව අලින්ගෙන් වගාව රැකගෙන. ඒත් නිසි මිලක් නැති නිසා අස්වැන්න නෙළලා පළක් නැහැ. ඒ නිසා අස්වැන්න විනාශ වෙලා යනවා‘‘

දුක් මහන්සි වී දිවා රාත්‍රී වන අලින්ගෙන් වගාව ආරක්ෂා කරගෙන කළ කැප කිරීම මෙසේ විනාශ වී යෑම වවාගත නොහැකි බව ද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

දිනමිණ ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *