‘වැල් දොඩම්’ ලංකාවේ සුලබව දක්නට ලැබෙන පලතුරකි. එමෙන්ම එය මෙරටට ඩොලර් උපයා දෙන පලතුරක් ලෙසින් ද වැදගත් වේ. ගලේවෙල බඹරගස්වැව අදී ප්‍රදේශ රැසක රජය විසින් නොමිලේ සියලු පහසුකම් ලබාදී වැල් දොඩම් වගාව හඳුන්වා දී තිබුණේ ද එබැවිනි.
මෙරට භෝග වගාවට කාබනික පොහොර හඳුන්වා දීමත් සමග බොහෝ ගොවීන් සිය කාලය වෙන් කළේ ඊට එරෙහිව නැගී සිටීමටයි. එහෙත් ගලේවෙල බඹරගස්වැව වැල් දොඩම් ගොවීන්ට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඔවුන් කාබනික වැල් දොඩම් වගාවට යොමු වීමට කැමැත්තක් දැක්වුව ද ඊට අදාල දැනුම ඔවුන් සතු නොවේ. එනිසා ඔවුන් කෘෂිකර්ම බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කාබනික වගාව සිදු කරන ආකාරය පිළිබඳ තමන්ට නිසි පරිදි කියා දෙන ලෙසයි.
මේ ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක් වූ ගොවි මහතෙක්.
“රසායනික පොහොර වලින් වැල්දොඩම් වගා කරන හැටි අපි දන්නවා. අපි ඒ කාලේ ගස් මුල්වලට නළ මගින් පවා රසායනික පොහොර යෙදුවා. ඒ ගැන අපිට කෘෂිකර්ම නිළධාරීන් අපිට කියලා දුන්නා. ඒත් රසායනික පොහොර හිග වීමත් එක්ක අපේ වගාවන් වල ඵලදාව සියයට 90කින් පමණ පහත වැටුණා. වැල් දොඩම් වැලේ ගෙඩි නැහැ. දැන් දකින්න තියෙන්නේ කහ ගැහිච්ච කොළ විතරයි.
“මෙහෙ සමහර මුදලාලිලා තාමත් රසායනික පොහාර විකුණනවා. එක පොහොර මිටියක් රුපියල් 7000යි. සල්ලි තියෙන ගොවීන් ඒවා අරගෙන තමන්ගේ වගාවන් කොහොමහරි සාර්ථක කරගන්නවා. අපිට එහෙම සල්ලියක් නෑ. අපි කැමතියි කාබනික පොහොර භාවිතා කරලා අපේ වැල් දොඩම් වගාව සාර්ථක කර ගන්න.”

හැබැයි අපි දන්නවා කාබනික පළතුරු වලට ලෝකයේ ලොකු ඉල්ලුමක් කියෙනවා කියලා. කාබනික වගාවෙන් ලංකාවට ඩොලර් ගේන්න අපි සූදානම්. ඒ නිසා ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ කෘෂිකර්ම නිලධාරීන්ව දැනුවත් කරලා කාබනික වගාවට හුරු වෙන විදිහ අපිට කියල දෙන්න කියලා”
මුළු රටම කාබනික වගාවට හුරු වෙමින් පවතින මෙහොතක හොර රහසේ රසායනික පොහොර අලෙවි කරන කලු කඩ මුදලාලිලා සම්බන්ධයෙන් ද ගොවීන් මෙහි දී මැසිවිලි නැගී ය.
“මෙහෙ සමහර මුදලාලිලා තාමත් රසායනික පොහාර විකුණනවා. එක පොහොර මිටියක් රුපියල් 7000යි. සල්ලි තියෙන ගොවීන් ඒවා අරගෙන තමන්ගේ වගාවන් කොහොමහරි සාර්ථක කරගන්නවා. අපිට එහෙම සල්ලියක් නෑ. අපි කැමතියි කාබනික පොහොර භාවිතා කරලා අපේ වැල් දොඩම් වගාව සාර්ථක කර ගන්න.”
බොහොමයක් ගොවීන් රසායනික පොහොර ඉල්ලා මැසිවිලි නගන මොහොතක කාබනික වගාවට කැමැත්තක් දක්වන මෙවන් ගොවීන් උදෙසා කෘෂිකර්ම බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු නොවේ ද ?
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස දඹුල්ල