නවීකරණය කළ උහන වී මෝල් සංකීර්ණය විවෘත කෙරේ

සීමාසහිත අම්පාර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සතු උහන වී මෝල් සංකීර්ණය පසුගිය ජූලි 29 වැනි දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විවෘත කරන ලදි.

2008 වසර වනතෙක් සාර්ථකව ක්‍රියාත්මක වුණු මෙම වී මෝල් සංකීර්ණය පසුගිය කාලයේ අබලන්ව වැසීගොස් තිබිණි. එය නවීකරණය කොට නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින්, රජයේ සහතික මිලට සහල් ලබාදීමේ ජාතික ක්‍රියාන්විතයට දායකත්වය දැක්වීමට එම සමුපකාර සමිතිය පියවර ගෙන ඇත.

මෙම වී මෝල් සංකීර්ණය තවදුරටත් නවීන අකාරයෙන්ම ගොඩනැඟීමට අවශ්‍ය සහාය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී එකඟ විය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *