නැඟෙනහිර පළාතේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු ආර්ථික භෝග නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්

‘සෞභාග්‍යයේ දැක්ම” යතාර්ථයක් බවට පත් කරමින් නැඟෙනහිර පළාතේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉඟුරු කහ වැනි සුළු ආර්ථික භෝග නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ඉතා සාර්ථකව ආරම්භ කර ඇති බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවට සමගාමීව කුඩා පරිමාණ ආර්ථික බෝග ප්‍රවර්ධනය කිරීම සඳහා අප රජය මගින් විවිධ වැඩසටහන් දියත් කර ඇති බව පැවසු පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පසුගිය බ්‍රහස්පතින්දා මන්මුනේ බටහිර වවුනතිව් ප්‍රදේශයේදී කහ පැළ බෙදා දීමේ වැඩසටහනකට එක් වීමෙනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, අපේ දේශීය නිෂ්පාදන සහ ඒ ආශ්‍රිතව යැපෙන අනෙකුත් අංශයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් ඇතැම් සුළු ආර්ථික බෝග සඳහා ආනයන තහනම් පනවා ඇති පසුබිමක විදේශීය රටවලට අපනයනය කිරීමට ප්‍රමාණවත් තරම් සුළු ආර්ථික බෝග තිබියදීත් ඒවා ආනයනය කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි බටහිර වවුනතිව් ප්‍රදේශයේ එක් පවුලකට කහ පැළ දහය බැගින් පවුල් 5000කට කහ පැළ 50,000 ක් බෙදා දීම පළමු පියවර ලෙස ආරම්භ කළ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කහ ඉඟුරු සහ පරිප්පු වැනි සුළු ආර්ථික භෝග වගා කිරීමට සුදුසු සාරවත් පසක් ඇති නිසා ඒවා නිෂ්පාදනයට අවශ්‍ය පසුබිම ඉදිරියේදී සකස් කිරීමට තමන් කටයුතු කරන බවත් මුල් අදියරේදී කරදියානාරූ වන්දරුමුනෙයි වාලෙයි ප්‍රදේශ වගා කටයුතු කළ හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් වගා කිරීම සඳහා ගොවීන්ට රුපියල් ලක්ෂ 3 බැගින් ලබා දී ඇති බවත් එසේම කළුතර ප්‍රදේශයේ මිරිස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් දැනට ආරම්භ කර ඇති බවද‘ අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *