වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු ජල මුලාශයක් නොලැබෙන වැසි ජලයෙන් පමණක් පෝෂණය වන වැව් 58 ප්‍රතිසංස්කරණය කරන බව වාර්මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
මෙයට අදාල ආණමුඩව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තෝරාගෙන ඇති වැව් නිරීක්ෂණය අමාත්‍යය අනුරාධ ජයරත්න මහතාගේ සභාගිත්වයෙන් පසුගිය 15 දා දවස පුරා සිදු කෙරෙණි.
ආණමඩුව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ මුදලක්කුලිය මහාවැව , විදානගේ වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයේ මහමුල්ලේගම වැව හා මලියගම වැව නිරීක්ෂණය මෙහිදී සිදු කළේය.
වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කය තුල වාරිමාර්ග දොපාර්තුමේන්තු යටතේ වැව් 31 ක්ද , පළාත් වාරිමාර්ග යටතේ වැවි 08 ක්ද , ගොවිජන සංවර්ධවන දෙපාර්තුමේන්තුව යටතේ වැව් 10 ක්ද , වැව් ගම් පුබුදුව යටතේ වැව් නමයක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරණ බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.