කොටවෙහෙර, ගල්කඩවල ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දීමෙන් සිවු දරු පියෙකු අද (10) පෙරවරුවේ මරණයට පත්ව තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර, ගල්කඩවල ලිපිනයේ පදිංචි ඩබ්.එම්.කේ.තිලකරත්න (59) නැමති ගොවි මහතෙකි.
ගොවි මහතා උදෑසන තම ගෙවත්තේ දර කපමින් සිටියදී, එක්වරම කඩා වැදුන තනි අලියාගේ පහර දීමට ලක්ව තිබෙනවා. වල්අලි ප්‍රහාරයෙන් පසුව අනතුරට ලක්වූ ගොවිමහතා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් ගත කරණ විටද මිය ගොස් සිට ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙය දින හතරක් තුළ සිදු වූ දෙවන මරණය බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරියෙක් සදහන් කළා.