කාබනික වගාව සහ සාම්ප්‍රදායික වගාව අතර අස්වැන්නේ වෙනසක් නෑ – වසර 20ක අධ්‍යයනයක් හෙළිකරයි

  • කාබනික වගාවේ බලශක්ති පරිභෝජනය 30%ක් අඩුයි
  • කාබනික කෘෂිකර්මාන්තයේ ජල භාවිතය අවමයි
  • කාබනික කෘෂිකර්මාන්තය දේශගුණික විපර්යාසවලට තිරසර විසඳුමක්

කාබනික ගොවිතැන මඟින් සාම්ප්‍රදායික ගොවිතැනට සමාන ඉරිඟු සහ සෝයා බෝංචි අස්වැන්නක් ලබා දෙන බව වසර 22ක කෘෂිකාර්මික අත්හදා බැලීමේ අධ්‍යයනයකික් හෙළිකර ගෙන ඇත.

මෙම අධ්‍යයනයේදී හෙළිකර ගෙන ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ කාබනික ගොවිතැන මගින් සාම්ප්‍රදායික ගොවිතැනට හා සමාන අස්වැන්නක් ලබා දෙන අතරම සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට සාපේක්ෂව බලශක්ති පාරිභෝජනය 30%කින් අඩු බවයි. ඒ අතර අඩු ජල ප්‍රමාණයක් වැයවීම හා පිළිබෝධනාශක භාවිතය සිදු නොවීම ද කාබනික ගොවිතැනේ අමතර වාසි ලෙස මෙම අධ්‍යයනය මගින් හදුනා ගෙන ඇත.

මෙම අධ්‍යයනයේ කතුවරයා වන කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව හා කෘෂිකර්මාන්ත පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් පිමෙන්ටෙල් (David Pimentel) නිගමනය කරන්නේ, “බඩ ඉරිඟු සහ සෝයා බෝංචි වැනි භෝග සඳහා කාබනික ගොවිතැන මඟින් සැබෑ වාසි ලබා දෙන” බවයි. 

මෙම අධ්‍යයනය එක්සත් ජනපදයේ කාබනික ගොවිතැනට එදිරිව සාම්ප්‍රදායික ගොවිතැනේ දීර්ඝතම සංසන්දනය වන රොඩේල් ආයතනයේ කෘෂිකාර්මික පද්ධති අත්හදා බැලීම පිළිබඳ සමාලෝචනයකි.

“මෙම භෝග සඳහා වන කාබනික ගොවිතැන් ක්‍රම සාමාන්‍යයෙන් සියයට 30 ක් අඩු පොසිල ශක්තියක් භාවිතා කරනවා පමණක් නොව පසෙහි වැඩිපුර ජලය ඉතිරි කර ගැනීම, පාංශු ඛාදනය අඩු වීම, පාංශු ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ සාම්ප්‍රදායික ගොවිතැනට වඩා වැඩි ජීව විද්‍යාත්මක සම්පත් ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම ද සිදු කරයි.”

මෙම අධ්‍යයනය මගින්,

  1. නිර්දේශිත පොහොර හා පළිබෝධනාශක යෙදූ සාම්ප්‍රදායික ගොවිපළක්,
  2. කාබනික සතුන් පදනම් කරගත් ගොවිපළක් (පොහොර යෙදූ ස්ථානයේ)
  3. කාබනික රනිල කුලයට අයත් ගොවිපළක් සමඟ සංසන්දනය කරන ලදී.  

කාබනික පද්ධති දෙකට රසායනික පොහොර හෝ පළිබෝධනාශක භාවිතයක් සිදු නොවීය.

මෙම පර්යේෂණය සිදුකළ අන්තර් ආයතනික සහයෝගීතාවයට රොඩේල් ආයතනයේ කෘෂි විද්‍යාඥයින් වන පෝල් හෙපර්ලි සහ රීටා සෙයිඩෙල්, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පර්යේෂණ සේවා පර්යේෂණ ක්ෂුද්‍රජීව විද්‍යාඥ ඩේවිඩ් ඩව්ඩ්ස් ජූනියර් සහ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යාඥ ජේම්ස් හැන්සන් ඇතුළත් වේ. 

පර්යේෂණ මඟින්,

  • පාංශු දිලීර ක්‍රියාකාරිත්වය,
  • බෝග අස්වැන්න,
  • බලශක්ති කාර්යක්ෂමතාව,
  • පිරිවැය,
  • කාලයත් සමඟ කාබනික ද්‍රව්‍ය වෙනස් වීම්,
  • කාබනික හා සාම්ප්‍රදායික කෘෂිකාර්මික පද්ධති හරහා නයිට්‍රජන් සමුච්චය වීම
  •  නයිට්‍රේට් කාන්දු වීම සැසඳීය.

“මුලින්ම, ප්‍රධාන වශයෙන්, පද්ධති තුන පුරාම බඩ ඉරිඟු සහ සෝයා බෝංචි අස්වැන්න සමාන බව අපට සොයා ගත හැකි විය,” අධ්‍යනයේ පළමු වසර හතර තුළ කාබනික බඩ ඉරිඟු අස්වැන්න තුනෙන් එකක් පමණ අඩු වුවද කාලයත් සමඟ එය ඉහළ ගිය බව පයිමන්ටෙල් පැවසීය.

විශේෂයෙන් නියං තත්වයන් යටතේ කාබනික පද්ධති වැඩි අස්වැන්නක් ලබා දුන්නේය. එයට හේතුව වන්නේ සාම්ප්‍රදායික ගොවිපොළෙහි සුළං හා ජල ඛාදනය පස පිරිහීම සිදු කළ අතර, කාබනික ගොවිපොළ වල පස කාබනික ද්‍රව්‍ය, තෙතමනය, ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරකම් සහ අනෙකුත් පාංශු තත්ත්ව දර්ශක තුළ ක්‍රමාණුකූලව වැඩිදියුණු වීමයි.

කාබනික පද්ධතිවල පාංශු කාබන් ප්‍රතිශතය 15% සිට 28% දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් පිමෙන්ටෙල් කාබනික කෘෂිකාර්මික ක්‍රම මගින් පසෙහි කාබන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කර තබා ගැනීම ගෝලීය උණුසුම සඳහා බලපාන බව ද සදහන් කළේය.

අධ්‍යයනයේ අනෙකුත් සොයා ගැනීම් අතර:

  • නියං කාලයේදී, (1988 සිට 1998 දක්වා) රනිල කුලයට අයත් බෝග පදනම් කරගත් ක්‍රමයේ ඉරිඟු අස්වැන්න සාම්ප්‍රදායික ක්‍රමයේ අස්වැන්නට වඩා 22%ක් වැඩි ය.
  • කාබනික ගොවිතැන් ක්‍රමයේ පාංශු නයිට්‍රජන් මට්ටම සියයට 8 සිට 15 දක්වා වැඩි විය. කාබනික හා සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම වල නයිට්රේට් කාන්දු වීම සමාන විය.
  • කාබනික ගොවිතැන කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් දේශීය හා කලාපීය භූගත ජල දූෂණය අඩු කළේය.

පිමෙන්ටෙල් සඳහන් කළේ පෝෂ්‍ය පදාර්ථ සැපයීම සහ පළිබෝධකයන් පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික භාවිතයන් මත යැපීමට සිදුවීම සහ කාබනික ගොවිතැන් ක්‍රම වල ශ්‍රම පිරිවැය සාමාන්‍යයෙන් සියයට 15 ක් පමණ වැඩි වීම නිසා කාබනික ආහාර සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවයි.

කාබනික ගොවිතැන මඟින් ඉරිඟු, සෝයා බෝංචි, තිරිඟු, බාර්ලි සහ අනෙකුත් ධාන්‍ය වර්‍ග වල ඵලදායී ලෙස තරඟ කළ හැකි නමුත් වැඩි පළිබෝධ ගැටළු ඇති මිදි, ඇපල්, චෙරි සහ අර්තාපල් වැනි බෝග වගා කිරීමට එය එතරම් හිතකර විය නොහැකි බව ද පිමන්ටෙල් පැවසීය.

https://news.cornell.edu/stories/2005/07/organic-farms-produce-same-yields-conventional-farms ඇසුරින් කළ සංෂිප්ත පරිවර්තනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *