දියර කිරි ලීටරයක් රුපියල් 7 කින් ඉහළට

දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කිරි ගොවීන්ගේ වියදම් පසුගිය කාලය පුරා ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබූ බවත් ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් එම නිලධාරියා කීය. 

දියර කිරි ලීටරයක් මිලදී ගන්නා මිල ඉහළ දැමීමත් සමග කිරි සැපයුම තවදුරටත් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *